සමාජය යනු ගතික වුවකි. පුද්ගල එකතුවකින් ගොඩ නැගුන මෙම විෂම සමාජය තුළ විවිධ පුද්ගලයන් ජිවත්වෙනු ඇත. එමෙන්ම විවිධ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙනු ඇත. මේ සමාජය තුළ අප විසින් ගොඩනඟා ගන්නා ලද විවිධ සබඳතා අනුව අප පිරිහීමට ලක්විය හැකියි. එබඳු සමාජ සම්බන්ධතා අතර මිතුරු සබදතාවය යනු සමාජයේ ජීවත්වන සෑම පුද්ගලයකුම ගොඩනගා ගන්නා සබදතාවකී. කුඩා කල දෙමාපිය සේවනේ සැදී වැඩෙන පුද්ගලයා අධ්‍යාපනය සඳහා ගමන් කරන ඇරඹුම ඔහු සමාජගත විමේ ඇරඹුම වේ. එතැන් පටන් ගොඩ නඟා ගන්නා මිත්‍ර සම්බන්ධතා මියදෙන තුරාවටම විවිධ ගම්, විවිධ ප්‍රදේශ, විවිධ රටවල් යනාදියෙහි ජිවත් වන පුද්ගලයන් සමඟ ගොඩනඟා ගනු ලබයි.
එමෙන්ම මෙම මිත්‍රත්වයට ස්ත්‍රී පුරුෂ භේදයක්ද ඇත්තේ නැත. මෙලෙස ගොඩ නඟා ගන්නා සම්බන්ධතා තමාගේ යහපත උදෙසා ගොඩනගා ගැනීම වැදගත් වනු ඇත. අප ඇසුරු කරන අයගේ ස්වභාවය අපේ ජීවිතයට තදින්ම බලපානු ලබනවා. ගිහි ජිවිතයේ දී පමණක් නොව පැවදි ජීවිතයටද මෙය බලපෑම් කරනවා ගුණධර්ම දියුණු කරන්න අශ්‍රය සියයට සියයක්ම බලපානු ලබනවා. නිසි මිතුරු ඇසුරක් නැති පුද්ගලයා අධාර්මිකව පරිහානියට පත්වන අයුරු බදුුරාජාණන් වහන්සේ සිඟාලෝවාද සුත්‍රය තුළින් දේශනා කරනවා. උන්වහන්සේ පෙන්වා දෙන ආකාරයට ඇතැම් යහළුවන් සිටිනවා මත්පැනට යහළු වු අය ඔවුන් පානසඛා යනුවෙන් හඳුන්වනු ලබනවා. තවත් සමහරෙක් මුනිච්ඡාවට යාලුවෙනවා. මුනිච්ඡාවට කියන්නේ මුණ ගැහුණාම පන දෙන්න කතා කරන පිරිසටයි. ඊට පස්සේ ඒ යාළුකම ඉවරයී. ඔවුන් සම්මියසම්මියෝ යනුවෙන් හඳුන්වනු ලබනවා. බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ අධර්මයට පත්, උතුම් දේවල් සේවනය නොකරන පුද්ගලයාගේ ජ’විතය කරුවල වේගෙන එන සඳක් වගේ පිරිහීලා යනවා යන්නයී.
ඒ අනුව අප ආශ්‍රය කළ යුතු නොකළ යුතු මිත්‍රයන් අට දෙනෙකු පිළිබඳව බුදුරාජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ මුලින්ම පෙන්වා දෙන්නේ මිතුරු වෙසින් ළඟ දැවටෙන අමිත්‍රයෝ සිව් දෙනෙකු පිළිබඳවයි. මෙම අමිත්‍රයන් මිත්‍රයෙකුගේ වේශයෙන් සිට සිදු කරනු ලබන්නේම හතුරුකම් මොවුන් මිත්‍ර ප්‍රතිරුපකයන් ලෙසද හඳුන්වනු ලබනවා. ඔවුන් සිව්දෙනා නමින් අඤ්ඤදත්ථුහර, වචිපරම, අනුප්පියභානි, අපායසහය යන්නයි.
අඤ්ඤදත්ථුහර මිත්‍ර ප්රතිරුපකයාගේ ස්වභාවය වනුයේ මොහු පැමිණෙන්නේම යහළුවාගෙන් මොනවාහරි අරගෙන යන්නයි. තමා පුංචි දෙයක් රැගෙන ගොස් යහළුවාගෙන් ලොකු දෙයක් රැගෙන යාමට මොහු කටයුතු කරනු ලබනවා. නමුත් ඔහුව සොයන්නට බැහැ ඊට හේතුව ඔහු සිටිනුයේ මිත්‍රකමෙන් වීමයි. එමෙන්ම එයා තමාට බියක් උවදුරක් ඇති වු වෙලාවට තමන්ගේ යහළුවා වෙත ගොස් උදව් ලබා ගන්නවා. නිතරම තමාගේ වැඩකර ගන්නවා. තමන්ට ප්‍රයෝජනයක් ගන්න විතරයි යාළුවාව අශ්‍රය කරනු ලබන්නේ. එවැනි ලක්ෂණ වලින් යුතු මිත්‍රයෙකුගේ වෙශයෙන් සිටින අමිත්‍රයා අඤ්ඤදත්ථුහරයි.
දෙවැනි කෙනා වචිපරමයි. මොහු වචනයෙන් පමණක් හරි හිතවත්. ඒ නිසා වචිපරම මිත්‍රයාගේ ලක්ෂණ පෙන්වා දෙන්නේ වචනයෙන්. මොහු කතා කරන්නේ පන දෙන්න මෙනි. “අනේ මට අසවල් දේ තිබුණානම්, මට ඔයාව කලින් හම්බවුනා නම්, මං මේ ඔක්කෝම දෙන්නේ ඔයාටනේ. මට ඔයාට මේ දෙවල් වලට ලේසීයෙන් උදව් කරන්න තිබුනා. ” යනුවෙන් පවසමින් මේ විදියට අතීතය ඉස්මතු කරලා කතා කරනු ලබනවා. “ මං ඉන්නේ රට යන්න මං ගිය ගමන් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ ඔයාව ගෙන්න ගන්නවා. ඕනෑම උදවවක් කරන්නම් මේ ඔක්කෝම කියන්නේ අනාගතය ගැන දක්වමින්. ” දැන් කරන කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මොහු අතීත වචනවලින් අනාගත වචනවලින් සංග්‍රහ කරනු ලබනවා. ඉතිං අසරණ වු පුද්ගලයා හිතන්නේ මම අසරණ වු වෙලාවේ මෙයා ඉන්නේ හරි කැක්කුමකින්. අනේ මෙයාට දැන් තිබුණා නම් දෙනවා. එත් එයාට දැන් නැනේ. ඒ නිසා අනාගතයේ දී දෙයි කියලා රැවටෙනවා. ඒ අනුව මොහු නිරන්තකේන සංගණ්හාති යන අර්ථයෙන් හඳුන්වනු ලබනවා. එනම් අර්ථයක් නැති කතා වලින් සංග්‍රහ කරනවා යන්නයි. “මං අනෙක් අයට මේ විදිහට සලකලා තියෙනවා. මම පුළුවන් කාලයේ සැලකුවේ මෙන්න මෙහෙමයි. අසවලා අසවල් තැන ඉන්නේ මම නිසයි. ” ඉතිං මුලාවට පත්වන මිතුරා හිතන්නේ මොහු නම් හරීම ප්‍රයෝජනවත් කෙනෙක්. මෙයා තමා හැමෝටම උදව් කරන්නේ හැමෝගේම ජිවිත වලට අලෝකයක් උදාකර ඇත්තේ මොහුයි. යනුවෙන් තමන් මුලා වෙනවා. මෙම මිත්‍රයා අතීතයේදී අනාගතයේදී මෙසේ වචනයෙන් සංග්‍රහ කරන්නා සේ වර්තමානයේ දී ත් මොහු ලස්සනට පිළිතුරු දෙනවා. එනම් මොහු වර්තමාන කාලයේ තමන්ගේ ව්‍යසන දක්වනු ලබනවා. “ අනේ මේ වෙලාවේ මට උදව් කරන්න විදිහක් නැහැ. මමත් මේ වෙලාවේ ඉන්නේ විශාල කරදරයක වැටිලා. ඒ වගේම ණය ගෙවන්න වෙලා.” යනුවෙන් උදව්වක් ඉල්ලන්න බැරි විදිහට විස්තර කරනවා. වචිපරම මිත්‍රයාගේ ස්වභාවය වන්නේ එයයි.
ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා වනුයේ අනුප්පියභානි ඔහුගේ ස්වභාවය වන්නේ යහළුවා කතා කරන හැම දෙකටම අනුකූලතාවය දැක්වීමයි. මිතුරා යම්කිසි පාප ක්‍රියාවක නිරත වෙලා සිටිිනවා. නැතිනම් කුමක් හෝ වරදකට, එසේ කරමින් යහළුවාට ඒ පිළිබඳ ප්‍රකාශ කරනවා. එවිට එය අනුමත කර බොහෝ හොද ක්‍රියාවක් යැයි ඔහුට අනුබල දෙනවා. එතකොට පෙනෙන්නේ හිතෛශී බවක්. ඔහුට අවශ්‍යත් එයයි. ඒ නිසා අනුප්පියභානි මිතුරා එය සම්පුර්ණයෙන්ම අනුමත කරනවා. මොකද තමන් කරන වැරදි දේ යාළුවා අනුමත කරනකොට මිතුරා ඔහුට ප්‍රිය වෙනවා. අයහපත් දේට විතරක් නෙමේ මේ කෙනා යහපත් දේටත් උදව් කරනවා. ඒ නිසා තෝරා බේරා ගන්න අමාරුයි. දානයක් දෙන්න සුදානම් වුණොත් ආ බොහෝම අගෙයි මගේ ගානෙත් දානයට අවශ්‍යය දෙවල් ලබා දෙන්නම්. යනුවෙන් පවසමින් යහපත් දෙත් අනුමත කරනවා. එතකොට හැම තිස්සේම පෙන්නේ උදව් දෙනවා වගේ. ඒ නිසා මෙම මිත්‍ර ප්රතිරුපකයාද හඳුනාගැනීම අසීරු වෙනවා. යාහළුවා යම් පාප ක්‍රියාවකට සුදානම් වුනොත් මොහු ඒ පාපයටත් උදව් කරනවා. ඒ වගේම පිනටත් උදව් කරනවා. ඒ වගේම මොහු යහළුවා ඉදිරියේ මුහුණට ගුණ කියනවා. එසේ ගුණ කීවත් යනකම් ඉදලා අගුණ පවසනවා.
“ඔය පින් කළාට මෙන්න මෙහෙමයි පවුත් කළේ. ” යනුවෙන් පවසමින් අගුණ කියනවා. ඒ වගේම මිතුරා කළ පින්වැඩ වලට ලකුණු දාගන්නෙත් තමන්මයි. “ එයා ඉස්සර කළේ වැරදිමයි. මමයි ඔය විදිහට පින් දහම් කරන්න මඟ කියලා දුන්නේ. ” යනුවෙන් තමන්ටම ලකුණු දා ගැනීම මෙම මිත්‍ර ප්‍රතිරූපකයාගේ ස්වභාවයයි.
ඊළඟ මිත්‍ර ප්‍රතිරූපකයා හරීම පැහැදිළි. එනම් අපායට පාර කපන අපායසහයකයි. ඔවුන් යාහළුවෙක් වගේම ඉන්නවා. නමුත් යහළුවෙක් නොවේ. මේ මිත්‍ර ප්‍රතිරූපකයා හරිම භායානකයි. ඔහු හොදට බොන්න උදව් කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චියට උදව් කරනවා. මත්ද්‍රව්‍ය ඔහු ගානේමයි ගෙනත් ලැස්ති කරලා දෙන්නේත්. ඒ වගේම විනෝද ගමන් යන්න ආරාධනා කරනවා. එහිදි බීමට සුදුසු පරිසරයකටයි මොහු රැගෙන යන්නේ. “මෙන්න නුඔලට මං ගානේ. ”යනුවෙන් පවසා මත්ද්‍රව්‍ය ලබා දෙනවා. ඉතිං අනුවණයා රැවටෙනවා. මෙයයි සැබැ මිතුරුකම කියලා රැවටෙනවා. වර්තමාන සමාජයේ මෙවැනි සිදුවිම් බහුලව දක්නට ලැබෙනවා. ඒ වගේම වැරදි ගමන් බිමන් අවේලාවේ ගමන් බිමන් යන්න කතා කරනවා. සංගීත සංදර්ශනවලට එක එක විනෝද වැඩවලට යමු කියලා බලෙන්ම එක්කගෙන යනවා. “යාළුකමටනේ කියලා තමනුත් රැවටෙනවා. එදා අවේ නැ. අද එන්නම ඔන. ” යනුවෙන් පවසා කෙසේ හෝ එක්කගෙන යනවා. ඉතිං යාලුවානේ කියලා හිතලා ගිහිල්ලා තමන් විනාශ වෙනවා. මේ විදියට මොහු එක්කගෙන යන්නේ ම වැරදී වැඩකට මොහු කෙලින්ම සහය වන්නේ අපාගත වීමටයි. මෙකි ස්වභාවයන්ගේ යුක්ත නිසා මොහු හඳුන්වන්නේ අපායසහායක මිත්‍ර ප්‍රතිරූපකයා ලෙසයි.
වර්තමානයේ නම් මිත්‍රයන්ගේ ස්වභාවය මේ විදිහට වෙන්කරලා පෙන්වන්න තියා හිතා ගන්නවත් බැහැ. නමුත් බුදුරාජාණන් වහන්සේ හරි අපුරුවට මිනිස් ලෝකය දැකලා තියෙනවා. මනුෂ්‍ය ස්වභාවය හරි පුදුමයි සතුන්ගේ ස්වභාවය නම් හඳුනාගන්න හරී ලේසියි. සත්තු උන්ගේ ස්වභාවය ප්‍රකට කරනවා. ඒ නිසා සතුන් හඳුනාගන්න, හදන්න හරි ලෙසියි. නමුත් මිනිස්සු තමන්ගේ ඇත්ත ස්වභාවය කිසිසේත් ම ප්‍රකට කරන්නේ නැහැ. මිනිස්සු ගුප්තයි. ඔවුන්ගේ ස්වභාවය සැගවිලා ඇති අතර පිටස්තරව නොපෙනේ. එහෙයින් මෙවැනි මිනිසුන් ජිවත්වන සමාජයක යහපත් ඇසුරක් සේවීම අසීරු කරුණක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අමිත්‍රයන් සිව්දෙනා භායානක මාර්ගයක යනවා වගේ කියලා හිතලා දුරින්ම දුරුකරන්න කියලා. ඒ කියන්නේ අප කවුරුත් අලි කොටි වගවලසුන්ගෙන් ග්‍රහණය වු සොර සතුරන්ගෙන් ග්‍රහණය වු භායානක මාර්ගයක් තිබුනොත් එහි ගමන් කරන්නේ නැහැ. කෙනෙකු අඩ ගැසුවත් අපි එවැනි පාරක ගමන් කිරීමට අකමැති. ඒ ආකාරයට මේ අමිත්‍රයෝ දුරින්ම දුරු කරන්නයි. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ.
ඒ වගේම බුදුුරාජාණන් වහන්සේ ඇසුරු කළයුතු මිත්‍රයන් සිව්දෙනෙකු පිළිබඳවත් දේශනා කරනවා. එනම් උපකාරක සමාන සුඛදුක්ඛ අත්ථක්ඛායි අනුකම්පක යන්නයි. උපකාරක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ ප්රමාදී වු යහළුවාව ආරක්ෂා කිරීමයි. එනම් යාහළුවා යම් කරදරයක වැටිලා ප්‍රමාද වෙලා ඉන්න විට ඔහුට අනුකම්පා කිරීම, උපකාර කිරීම, ආරක්ෂා කිරීම යන්නයි. තම මිතුරා බිය හිංසා තැති ගැන්වීම් වලට පැමිණිලා බොහෝම දුක සේ ඉන්න විට ඔහුව සොයා ගොස් උදව් කරනවා. ඒ වගේම බිය සංකා නැතිවෙන්න කරුණු කියා ඔහුව ශක්තිමත් කරනවා. බුද්ධ දේශනාවේ සඳහන් වන පරිදී මේ උපකාරක මිත්‍රයා තම මිතුරාට දෙගුණයකින් උපකාර කරනු ලබනවා.
සමාන සුඛදුක්ඛ යනු දෙවන මිත්‍රයයි. මොහු තම මිතුරා සැපෙන් ඉන්න විට සතුටු වෙනවා. දුකින් ඉන්න විිට මෙයත් දුක් වෙනවා. ඒ වගේම යම් කරදරයක් වුණු වෙලාවට විපත්තියකදී යාහළුවාව අත්හරින්නේ නැහැ. තම මිතුරා ළගින්ම සිටිනවා. ඕනෑම වෙලාවක යහළුවාගේ යහපත වෙනුවෙන් තමන්ගේ ජිවිතය පවා අත්හරින්න ලැස්ති යාහළුවෙක් ලෙස මෙම මිතුරා හැදින්විය හැකිය. එවැනි මිතුදම් බුද්ධකාලයේදී දක්නට ලැබුනා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගිහි කාලයේ එවැනි යාහළුවෝ. උපතිස්ස කෝලිත යන තරුණයන් දෙදෙනා අතර වුයේ ද එවැනි ඉතාම සුහද සැබෑම මිතුදමකී.
අත්ථක්ඛායි මිතුරා තුන්වැන්නායි අත්ථක්ඛායි යනු යහපත කියාදෙනවා යන අර්ථයයි. යහපත කියා දෙනවා යනු තම මිතුරා නොමඟ යන අවස්ථාවලදී ඒක අනෙක් යාළුවාට වදයක් වනු ඇත. නමුත් මොහු යහළුවා අත්හරින්නේ නැතුව කරුණු කියා පාපයෙන් වළක්වා ගන්නවා. ඒ වගේම යහපත් දේ සිදුකිරීමට පුරුදු කරවනවා, යහපතේ යොදවනවා, පවින් වළක්වනවා, මව්පියන්ට ගුරුවරුන්ට ගරු කිරීමට පොළඹනවා, පෙර නොඇසු විරූ ධර්මය අසන්නට සලස්වනවා. ඝටිකාර යනු කාශ්‍යප බුදුරාජාණන් වහන්සේගේ කාලයේ සිටි එවැනි මිත්‍රයෙකී. මොහු තම මිතුරා වු ජෝතිපාලට අත්ථක්ඛායි මිත්‍රයෙක් වුණා. ජෝතිපාල කෙතරම් විරුද්ධ වුවත් ඝටිකාර කෙසේ හෝ තම මිතුරාව කාශ්‍යප භාග්‍යයවතුන් වහන්සේ වෙතට රැගෙන ගොස් ධර්මය ශ්‍රවණය කිරීමට සලස්වනවා. ධර්මය අසා ජෝතිපාල බොහෝ සෙයින් පැහැදෙනවා. පෙර නොඇසු විරූ ධර්මය අසන්නට සලස්වා තම මිතුරා යහමඟට ගත් ඝටිකාර සැබවින්ම අත්ථක්ඛායි මිතුරෙකු වු බව මේ තුළින් පැහැදිළි වෙනවා. අත්ථක්ඛායි මිත්‍රයා ස්වර්ගයට මාර්ගය කියා දෙනවා, සුගතියේ දෙවියන් අතර උපදින්න මාර්ගය කියාදෙනවා, යහපත ගැනම කතා කරනවා, අත්ථක්ඛායි මිත්‍රයාගේ ස්වභාවය එයයි.
සිව්වැන්නා අනුකම්පකයි. අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ තමන්ගේ යහළුවා පිරිහෙන බව දැනුනාම එනම් මුලදි යාහළුවා සිල් ගත්තා, ධර්මය ශ්‍රවනය කළා, දනාදී පින්කම් කළා, නමුත් දැන් කරන්නේ නැහැ එවැනි අවස්ථාවලදි තමන්ගේ යාළුවා ගැන දුකක් හට ගන්නවා. සතුටක් ඇතිවෙන්නේ නැහැ. මොහු සතුටු වන්නේ යාහළුවාගේ දියුණුව ඉදිරියේ පමණයි. යාළුවාට හොද රැකියාවක් ලැබිම, හොද නිවසක් ලැබිම, හොද ජිවිතයක් ගත කිරීම යන මේ දෙවල් දැක මොහු සතුටට පත්වෙනවා. ඒ වගේම කවුරුහරි තමා ඉදිරියේ යාහළුවාට අපහාස කරනවා නම් එය වළක්වනවා. එසේ වළක්වා යාළුවාගේ ගුණ කියනවා. ඒ වගේම මිතුරා ගැන වර්ණනා කරන තැනැත්තාට ප්‍රශංසා කරනවා.
මෙම මිතුරන් සිව්දෙනා ඇසුරු කිරිමේදී අම්මා කෙනෙක් තමන් වැදු දරුවා ඇසුරු කරනවා වගේ මේ යහළුවන් හොදින් ඇසුරු කරන්න යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අප පාසල් යන කාලයේ දෙමාපියෝ අපව කොච්චර ආරක්ෂා කළත් සමහර විට අපට බෙරෙන්න බැහැ. අපම හිතලා බෙරිය යුතුයි. සමාජය පිළිබඳ එහි මිනිසුන් පිළිබඳ හරි හැටි තේරුමක් නොදක්වන අපි ඕනෑම අවස්ථාවක නරක මිත්‍ර ඇසුරට යොමු වෙන්න පුලුවන්. පාපී මිතුරන් හදුනා ගැනීමට අපට බුද්ධියක් තිබිය යුතුයි. එසේ නොමැති විමෙන් අප මුලාවට පත් වෙනවා. එහෙයින් අප කුසල් අකුසල් හොඳින් හඳුනාගත යුතුයි. එනම් එම මිතුරු ඇසුරට වැටිමට පෙර තමා තුළ යම්කිසි කුසලයක් යහපත් ගුණයක් තිබුනද ඒකට මේ අශ්‍රයෙන් යහපතක් වුණාද, මට ධර්මය අහිමි වුණාද යන්න කල්පනා කර තේරුම් ගැනීමට ශක්තියක් අප තුළ තිබිය යුතුයි. තමන් තුළින්ම විනිශ්චයක් ලබාගෙන මිස පාප මිත්‍රයා හඳුනාගැනිම කතා බස් කරලා මුහුණ දිහා බලලා සිදුකිරීමට අපට හැකියාවක් නැහැ. තමන් තුළ පෙර නොතිබු පිරිහීමක් ඇති නම් තමන් ඇසුරට වැටි ඇත්තේ පාප මිත්‍රයන් බව විනිශ්චය කිරීමට තරම් බුද්ධියක් අපට තිබිම වඩාත් වැදගත් වෙනවා.
අපට ලෝකයේ එක් එක් විවිධ පිරිස් අශ්‍රය කරන්න හම්බවුනාට බොහෝ දෙනාට ඒ අයව තෝරාගන්න ශක්තියක් නැහැ. මේ කෙනා මෙහෙමයි මේ කෙනා මෙහෙමයි කියලා කණ්ඩායම් වශයෙන් කොටස් කරන්න අපට හැකියාවක් නැහැ. ඒ සඳහා තියුණු ඥාානයක් බුද්ධිමත් බවක් අවශ්‍යයි. අප පාප මිත්‍ර ඇසුරට පත්වෙන්නේ අප තුළ පවතින දුර්වලතාවයක් නිසා. අප අප තුළ පවතින දුර්වලතාවයන් හඳුනාගෙන සතර අගතියෙන් යුක්ත එනම් ජන්දයෙන්, ද්වේශයෙන්, මෝහයෙන්, භයෙන් අගතිගාමි වු මේම මිත්‍ර ප්රතිරූපකයන් හඳුනාගෙන බුද්ධ දේශනාවේ සඳහන් පරිදි ඔවුන් දුරින්ම දුරුකර යහපත් ජිවිතයක් ගත කිරීමට නිසි මිතුරෙක් නැතිකළ හුදෙකලාව හොදම මිතුරා කරගැනීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම දිනපු රට අත්හරින රජෙක් වගේ, වනාන්තරේ රැලෙන් පැනලා ආපු තනි හස්තියෙකු වගේ තනිවම ජීවත් වීම යහපත් බව බුද්ධ දේශනාව තුළ තවදුරටත් සඳහන් කර ඇත.
Betway mobile online casino & sports betting in India
ReplyDeleteBetway has a great choice of games for you 카지노 and you can enjoy the most popular 샌즈카지노 Betway mobile betting apps in India as a whole. 온카지노