මිහිදු මාහිමියන්ගේ ලංකාගමනය ශ්‍රී ලංකාවේ නවෝදයකට මං පෙත් හෙළි පෙහෙළි කළ ශ්‍රී ලංකාවේ නව සංස්කෘතියකට මඟ පැදු අති විශිෂ්ට සංස්ද්ධිය ලෙස සැලකිය යුතුය. මිහිදු මාහිමියන්ගේ පැමිණිමත්, අනතුරුව එතුමාගේ සොහොයුරිය වු සංඝමිත්තාවන්ගේ පැමිණිමත් යන ඓතිහාසික සිදුවිම් ඇසුරෙන් අප රටේ නව සංස්කෘතියක් ගොඩ නැගුණු බව රහසක් නොවේ.
අක්ෂර මලාව, සාහිත්‍ය කලාව, චිත්‍ර, මුර්ති, කැටයම්, ආදී විවිධ කලා ශිල්ප, ගෘහ නිර්මාණ ශිල්පය යනාදී නොයෙක් කලාවන්ගේ පහළවීමටත් , මහින්ද- සංඝමිත්තා යන භික්ෂු භික්ෂුණින්ගේ සම්ප්‍රාප්තිය බෙහෙවින් හේතු විය. විශේෂයෙන් සංඝමිත්තාවන්ගේ ආගමනයත් සමඟ කුල දහ අටක කලාකරුවන්ගේ පැමිණිම සිදුවු බවක් ඓතිහාසික සාධකවලින් අනාවරණය වේ. චෛත්‍ය, බුද්ධ ප්‍රතිමා ආදී විවිධ නිර්මාණයන් අප රටේ දී අප රටට ආවේණික ආකාරයට නිර්මාණය කිරීමට අපේ කලාකරුවෝ සමත් වුහ. ඉන්දියානු කලාකරුවන්ගේ ආභාසය ලැබුවද අපේ කලාකරුවෝ දේශිය අනන්‍යතාව රැකෙන අයුරින් සිය කලා නිර්මාණ ඉදිරිපත් කිරීමට උත්සාහ දැරූහ. මේ නිර්මාණයන් අතරින් අතිශයින් සුවිශේෂ නිර්මාණයක් ලෙස සඳකඩ පහණ හඳූන්වා දිය හැකිය. සාමාන්‍යයෙන් සඳකඩ පහණ ස්ථාපිත වුයේ බුදු මැදුරට පිවිසෙන පඩි පෙළක අවසාන පඩියේය. බුදු මැදුරට පිවිසෙන අයට උදාවන ප්‍රතිලාභය සනිටුහන් කරවමින් පැරණි කලාකරුවෝ සඳකඩ පහණ නිර්මාණ කළහ. භාරතයේද සඳකඩ පහණ දක්නට ලැබෙන නමුත් ලංකාවේ සඳකඩ පහණ තරම් නිර්මාණශීලි බවක් පිළිඹිබු වන හරබර අදහසක් ලෝකයට පවසන සඳකඩ පහණ භරතයේ දක්නට නැත.
අනුරාධපුර බිසෝ මාලිගාව ආශ්‍රීතව පිහිටා ඇති බුදු මැදුරට පිවිසෙන ස්ථානයක පිහිටුවා ඇති මෙම සඳකඩ පහණ උසස් ගණයේ අති විශිෂ්ට නිර්මාණයක් ලෙස කවුරුත් සලකති. එහි විවිධ රූ සටහන් වලින් බුදු දහමෙන් ලැබිය හැකි උතුම් ප්‍රතිලාභ සංකේතවත් ලෙස ඉදිරිපත් කරයි. මේ පිළිබඳ දේශීය හා විදේශිය පුරා විද්‍යාඥා මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේ පිළිබඳව ඉදිරිපත් කර ඇති මතය සාධාරණ වුත් අර්ථවත් වුත් නිගමනය ලෙස පිළිගත හැකිය. සඳකඩ පහණ ගලින් නිර්මාණය වු අඩ සදකම් ආකාරයට සකස් වුවකි. දැනට ඇති උසස්ම නිර්මාණය ලෙස සැලකෙන සඳකඩ පහණ ඇත්තේ අනුරාධපුරයේ මහසෙන් මැදුර ලෙස සලකන පිළිම ගෙය පාමුලය. මෙම සඳකඩ පහණේ මුලින්ම ඇත්තේ පිපුණු අර්ධ පද්මයකි. එය ලියවැලකින් මායිම්ව ඇත. ඉන් අනතුරුව එකිනෙකා පසුපස යන හස්ති, වෘෂභ,සිංහ හා අශ්ව රූප පේළියකි. අන්තිම පේළයේ කිසියම් ශෛලියක් අනුව නිමැවුණු ගිනිසිළු වැලකි. ඇතමෙක් එය පලාපෙති ලෙසත් තවත් සමහරෙක් නාග රටාවක් ලෙසත් හඳූන්වති.
සෑම සඳකඩ පහණකම මෙකී ලක්ෂණය ඒකාකාරිව පිහිටා ඇත. තිරියායේ සඳකඩ පහණේ දාරය ගිනිසිළුවලින් නොව සියුම් නෙළුම් පෙතිවලින් සැරසී ඇත. එහි එක් සඳකඩ පහණක ගිනිසිළු හෝ පලා පෙති හෝ දක්නට නැත. කෙසේ වුවත් සඳකඩ පහණ ආවාට ගියාට නිමැවුණු එකක් නොව අරුතක් දීමට කරන ලද්දක් ලෙස සැලකිය හැකිය. බුදු මැදුරක් අසල නිමැවුණු මෙවැනි කලා නිර්මාණයකින් ධිවනිත කරන අරුත තෝරා බේරා ගැනීමට තරම් කුසලතා පුර්ණ කලාකරුවන් අප රටේ පහළ වු නිසා එහි අරුත නිවැරදිව වටහා ගැනීමට අපට හැකි වී තිබේ.
මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සඳකඩ පහණේ නිවැරදි සංකේතිත අර්ථය වටහා ගැනීමට සමත්වීම ජාතියේ භාග්‍යයකි. සඳකඩ පහණින් සාමය සංකේතවත් වන අතරම නෙළුම් මලින් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හැදින්වු ආකාරයට ලෝකයේ ඉපිද එහි නොඇලිී, මතුවී සිටින ආකාරයත් , ලියවැල්වලින් තණ්හාවත් සංකේතවත් කැරෙන බව එතුමා පවසයි.
එකා පසුපස එකා දුවන ආකාරයට නිර්මිත සත්ව පේළියෙන් සංසාරයත් , හංස පේළියෙන් සංසාරයෙන් ගැලවී නිවන කරා යාමත් , නිවී යන ගිනිසිළුව නිවනත් සංකේතවත් කරයි. මේ ආකාරයට බුදු දහමේ ඇසුර ලබන අයට බුදු දහම අනුව ලබාගත හැකි උත්තරීතර ප්‍රතිලාභය මනා ලෙස සංකේතවත් කරමින් නිර්මාණය කොට ඇති සඳකඩ පහණ, අතිශයින් උසස් කලා කෘතියක් ලෙස නම් කළ හැකිය.
No comments:
Post a Comment