අද සමාජයේ ගොඩක් පුද්ගලයන් පිං දහම් කිරිමට නැඹුරුව සිටියද බහුතරයක් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් දැකගත නොහැක. එනම් ඔවුන් තුළ ඇත්තේ අමුලිකා ශ්‍රද්ධාවක් පමණි බොහොමයක්දෙනා රටට සමාජයට පෙනෙන්නට පිං දහම් කරන අවස්ථාද දක්නට ලැබේ.ශ්‍රද්ධාවෙන් තොරව පිං දහම් කිරිමෙන් ජිවිතයට රැස්වන අකුසල් වැඩිවනු ඇත.
බෞද්ධ ඉගැන්වීමට අනුව ශ්‍රද්ධාව ලෙස අර්ථ දක්වා ඇත්තේ බුද්ධ,ධම්ම,සංඝ යන තුණුරුවන් පිළිබඳව ඇතිකරගත් පැහැදිම හා විශ්වාසයයි එමෙන්ම "පත්තකම්මවිභංග" සුත්‍රයෙ ශ්‍රද්ධාව හදුන්වා ඇත්තේ "ශ්‍රද්ධා හති තථාගතස්ස බෝධිං" තථාගතයන් වහන්සේ සත්‍යාවබෝධය ලැබුවා යැයි යමෙකුගේ සිතේ පවතින විශ්වාසය හෙවත් පැහැදිම ශ්රද්ධාවයි. සප්ත ආර්ය ධනය අතර පළමු ආර්ය ධනය වන්නේ ශ්රද්ධාවයි. ශ්‍රද්ධාවේ ප්‍රභෙද දෙකකි.
1.අමුලිකා ශ්‍රද්ධාව
2.ආකාරවති ශ්‍රද්ධාව
අමුලිකා ශ්‍රද්ධාව යනු පදනමකින් තොර විශ්වාසයයි.නොඑසේ නම් අනුකරණයයි.මොඩ ශ්රද්ධාවයි. නිදසුන් ලෙස යමෙක් මුලික අරමුණ තෙරුන් නොගෙන මල් ලක්ෂයක් පුජා කරන්නේ නම් එතන ඇත්තේ මොඩ ශ්රද්ධාවයි.
ආකාරවති ශ්‍රද්ධාව යනු බුද්ධිගෝචර ඥාන පුර්වක හෙවත් ප්‍රඥා ගෝචර ශ්රද්ධාවයි. ඔහු අනුකරණය නොකරන්නෙකු වන අතර යමක් නුවණින් විමසයි.නිදසුන් ලෙස යමෙක් අවබෝධයකින් යුතුව එක් මලක් වුවද පුජා කරයි නම් එතැන ඇත්තේ ආකාරවති ශ්රද්ධාවයි. එ් අනුව අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතුව ජිවත්වීමට කළයුතු වේ.
No comments:
Post a Comment