පුද්ගලයෙකුට විවේකය අත්‍යවශය වේ.විවේකය යනු කුමක්ද? එදිනෙදා ජිවිතයේ කටයුතු වලින් වෙන්වීම හෙවත් විරාමයක් ලැබිම විවේකයයි. මෙය විචක්ෂණය ලෙසද හඳුන්වයි.ගිහියා හෝ පැවිද්දා පංචෙන්දියන් පිනවිමෙන් මදකට ඉවත්විම තුළින් විවේකය ලැබිය හැකිය.ගිහියා සම්බන්ධයෙන් ගත්විට ඔහු පංචේන්දියන් පිනවමින් රැකි රක්ෂා කරමින් අඹුදරුවන් පෝෂණය කරමින් සම්බාදක සහිත කාර්යබහුල ජිවිතයක් ගත කරයි. එහෙත් බුදු සමය ඊට කැමති නොවේ.කෙසේ හෝ එදිනෙදා කටයුතු වලින් ඉවත්ව කායික මානසික සහනය පිණිස විවේකය ඇතිකර ගැනිමට බුදුසමය උගන්වයි.පැවිද්දා සම්බන්ධයෙන් ගත්විට ඔහු පංචේන්දියන් සංවර කරගෙන ගිහියාට වඩා වැඩි විවේකයක් භුක්ති විදි. බුදුරදුන් මහ සීහනාද සුත්රයේ තමන් වහන්සේ බුද්දත්වයට පෙර විවේකය ගතකළ අයුරු සඳහන් කරයි.
"" සාරිපුත්තය වනගතව විසු මම වනයට ගවයන් බලාගන්නෙකු වෙනත් සතුන් බලාගන්නෙකු , දර සපයන්නෙකු ,තණ රැස් කරන්නෙකු ,වනයේ වෙනත් වැඩක යෙදෙන්නෙකු වනයට ඇතුළු වුයේ නම් මිනිසෙකු දුටු මුවෙකු සේ වනයෙන් වනයට ලැහැබින් ලැහැබට ගොඩින් ගොඩට පල්ලමින් පල්ලමට පැන දිව්වෙමී""
ගිහියා හා පැවිද්දා මෙසේ දෙයාකාරයකට විවේකය ගතකරන බැවින් ගිහියාට වඩා ඉක්මනින් පැවිද්දා නිවන කරා ලඟා වන බව බුදුරදුන් "මුනි ශුක්තයේ " දේශනා කරයි.
විෙව්කය කායික සුඛයකි. ධාර්මික විවේකය මානසික සුඛයකි. සිඟාලොවාද සුත්රයේ ශර්මිකයාට විවේකය ලබාදීම බුදුරදුන් ස්වාමියා සතු යුතුකමක් සේ සලකයි. ලැබෙන විවේකය තමන්ටත් අනුන්ටත් හානිදායක නොවන ලෙස ගත කිරිම බුදුසමයේ මුලික පදනමයි. ලැබෙන විවේකය අර්ත සම්පන්න සෞන්දර්ය කලා මාධ්‍ය ඇසුරු කරගෙන ගතකිරිම බුදු සමයේ මුලධර්මයක් ලෙස ඉදිරිපත් කරයි.
ගිහි ජනතාව විවේකය ලැබිය යුත්තේ කෙසේද ලැබෙන විවේකය ගතකළ යුත්තේ කෙසේද. අසිමිත තෘෂ්ණාවෙන් ඉවත්ව අල්පෙච්ඡ වන විට බහු භාණ්ඩික නොවන විට අල්ප කෘත්‍ය හෙවත් කටයුතු අඩුවේ. කටයුතු අඩුවන විට විවේකය ඇතිවේ. ශුක්ත නිපාතයේ ධනිය සුත්රයට අනුව ධනිය ගෝපාල එදිනෙදා කටයුතු අවසන් කොට වැසි වැටෙන්න ආසන්න සමයේ විවේකිව කාව්‍යමය බස් වහරකින් සිය ජිවිතයේ සුන්දරත්වය සිහිපත් කරයි. එසේ නම් විවේකය අර්ථවත්ව ධාර්මික ප්රිති සුඛය ඇතිවන ලෙස ගත කිරිමේදි වන්දනා ගමන් , දන්සල් පැවැත්වීම , දාන සිල , භාවනා වැඩසටහන් වලට සහභාගි වීම , ධර්ම දේශනා වලට සවන්දීම , භාවනා කිරිම, ජාතක කතා පොතට සවන්දීම , දහම් පොත් පත් කියවීම ,පෙරහැර නැරඹිම, බෝධි පුජා පැවැත්වීම, විවේකිව සිටිම, ධර්ම සාකච්ඡා පැවැත්විම,කලාත්මක නිර්මාණවල යෙදිම ආදිය මගින් කායික මානසික සහනය ගොඩ නැගිම නිසා ධාර්මික ප්රිති සුඛය ඇතිකර ගත හැකිය.
No comments:
Post a Comment