මෙය භික්ෂුන් වහන්සේ වැඩවසන විහාරයක අවුරුදු පතා කෙරෙන විශේෂ පිංකමකි. වස් අවසානයේ දී සංඝ රත්නයට පුජා කරන චීවරය, කඨීන චීවරය නමින් හැදින්වේ.වර්ෂයකට එක් වරක් පමණක් සිදු කෙරෙන දුර්ලභ පිංකමක් බැවින් මෙය ඉතා උසස් පිංකමක් ලෙස සලකනු ලබයි.වර්ෂාව වැඩිපුර බල පවත්වන ජුලි සිට නොවැම්බර් දක්වා කාලය වස්සාන සමයයි. ආරාමයක වසන භික්ෂුන් වහන්සේට වස් විසීමට ආරාධනය කරනු ලබන්නේ දායකයන් විසිනි.
මේ කාලය තුළ දී දිනපතා උන්වහන්සේට දානමානාදියෙන් උවැටැන් කිරීමට දායකයෝ එක්ව වැඩ පිළිවෙළක් සකස් කරති. බොහෝවිට කෙරෙන්නේ එක් එක් දිනයේ හීල් දානය, දවල් දානය එක්ව හා ගිලන් පස එක් එක් දායක පවුල් විසින් භාරගෙන වස් විසු ස්වාමින් වහන්සේට ඉතා සැලකිල්ලෙන් උවටැන් කිරීමයි. මේ දාන හැදින්වෙන්නේ වස්දාන නමිනි. භික්ෂුන් වහන්සේ බණ භාවනා කරමින් මේ කාලය ගත කරන අතර තමන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියන් සඳහා බුද්ධ පුජා හා ධර්මදේශනා පැවැත්වීමෙන් සංග්‍රහ කරති.
වස් අවසානයේ දී චීවරය සඳහා යොදා ගන්නා කඨීන වස්ත්‍රය දායකයෙකුගේ නිවසේ සිට අලුයම් කාලයේ පෙරහරින් වැඩමවා ගෙනැවිත් මහා සංඝයාට පවරනු ලැබේ. කඨීන සිවුර වැඩමවන පෙරහැර කඨීන පෙරහැර නමින් හැඳින්වේ. භික්ෂුන් වහන්සේ විසින් චීවරය සඳහා ලැබෙන රෙදිකඩ සිවුරකට අවශ්‍ය අන්දමින් කපා, මසා පඩු පොවනු ලැබේ. මහා සංඝයා විෂයයෙහි පවත්වනු ලබන දක්ෂිණාවක දී කඨීන සිවුර සංඝිකව මහා සංඝයාට පුජා කරනු ලැබේ.එය වස් සමාදන් වු ස්වාමින් වහන්සේ නමකට පිරිනමන්නේ මහා සංඝයා විසිනි. කඨීන සිවුර ලැබෙන ස්වාමින් වහන්සේ විසින් එම සිවුර පොරවා කඨීනානිශංස යන මැයෙන් එදින රාත්‍රීයේ ධර්ම දේශනාවක් පැවැත්වීමද සිරිතක් වේ.
No comments:
Post a Comment