බෞද්ධ චින්තනය තුළ කාන්තාව මවක්, බිරිදක්, ගෘහණියක්, උපාසිකාවක්, භික්ෂූණියක්, දියණියක්, වශයෙන් වරප්‍රසාද ලබා තිබේ. බුදුසමය මව් පදවිය අගය කරයි. “ ගෙදර බුදුන් අම්මා ” “බුදුන් වදින ලෙස වැදපන් අම්මට” “දස මසේ උරේ කත්වා ” යන ප්‍රකාශ ගොඩ නැගුනේ බුදුසමය පදනම් කරගෙනයි. “ මාතු පෝසක” ජාතක කතාවේ මවගේ වචනය අගය කරයි. මවත්, පුතත් මුහුදු යාත්‍රාවකින් සාගරය තරනය කරන විට යාත්‍රාව දියබත් වු බැවින් පුතා මව කරේ තබාගෙන ගොඩබිමට පිහිනයි. මෙහිදි මව “පුතේ නුඹ බුදුවෙයන් ” යනුවෙන් ආශිර්වාද කරයි. මේ නිසා මවගේ වචනය මුල් කරගෙන බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වුවා යැයි බෞද්ධයෝ විශ්වාස කරයි.බුදුරජාණන් වහන්සේ ද මව්පදවිය ඇගයිමට ලක්කර ඇත.
බුදුසමය උගන්වන්නේ “මාතෘ පිතෘ උපට්ඨානා” පියාට මෙන්ම මවටද සැලකීම මංගල කරුණක් බව මහ මංගල සුත්‍රයේ පෙන්වා දෙයි. බුදුසමය තුළ කාන්තාව බිරිදක් ගෘහණියක් ලෙසද අයිතින් දිනාගෙන තිබේ. සිඟාලෝවාද සුත්‍රයේ ස්වාමියාගෙන් බිරිදට ඉටුවිය යුතුකම් පහක් සඳහන් කරමින් බිරිදක් වශයෙන් පමණක් නොව ගෘහණියක් වශයෙන් ද ඇයගේ අයිතින් රැක දී තිබේ. බුදුරදුන් වරෙක දේශනා කරන්නේ “භාර්යෝ පරමෝසඛා” බිරිද සැමියාගේ පරම මිතුරා බවයි. එමෙන්ම බුදුසමය හේතුවෙන් කාන්තාවන් උපාසිකාවක් වශයෙන් ද වරප්‍රසාද දිනා ඇත. විශාකා උපාසිකාව, චුජ්ජුත්තරා, සමාවති, රජ්ජුමාලා, පුණ්ණා උපාසිකාවන් බවට පත් වුයේ බුදු සමය නිසාවෙනි.
No comments:
Post a Comment