දන් දිය යුත්තේ මහත්පල මහානිසංස වෙන විදියටයි.
අද ලෝකයේ බොහෝමයක් දෙනා විශේෂයෙන් බෞද්ධයන් දානමනාදි පින්කම් කරනවා. ඇතමුන් මහා පරිමාණයෙන් දන් දෙනවා. ,තවත් සමහරු තමන්ට පුළුවන් හැටියට දන් දෙනවා.නමුත් ඔවුන් තුළ දන් දිය යුත්තේ කෙසේද ..? දන් දිමෙන් ලැබෙන අනුසස් මොනවාද කියන කරුණු පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දානයේ අනුසස් ඉතා අපුරුවට පෙන්නලා තියනවා. යමෙක් තිරිසන්ගත සතුන්ට දානයක් පුජා කරගත්තාම ඒ අයට ආනිසංස සියයක් තියනවා.පෘතග්ජනයි, දුස්සීලයි, එබදු කෙනෙකුට දානයක් දුන්නාම ආනිසංස දාහක් තියනවා. පෘතග්ජනයි, සීලවන්තයි, තිසරණය නැ අවබෝදයෙන් ම තිසරණයේ පිහිටලා ආර්ය මාර්ගයට පැමිණිලා නැ.සද්ධානුසාරි, ධම්මානුසාරි මට්ටම් වලට ඇවිල්ලා නැති එබදු පෘතග්ජන සීලවන්තයෙකුට දානයක් පුජා කර ගන්න කෙනාට ආනිසංස ලක්ෂයක් තියනවා..
ඊළගට බුදු සසුනෙන් බාහිර වු කාමයන් දුරු කරලා කාමයන් කෙරෙහි වීතරාගි වු ශ්රමණ බ්හ්මවරු ඉන්නවා , බන භාවනා කරගෙන ඉන්නවා.හැබැයි ආර්ය මාර්ගය දන්නේ නැති ඒ අයට දන් දුන්නාම කොටි ලක්ෂවාරයක් ආනිසංස තියෙනවා. සොවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පුරන එ් කිවේ සාද්දානුසාරි ධම්මානුසාරි උතුමන්ට දානේ දුන්නාම අසංකෙයිය අප්රමාණ ගණනින් නිමකර ගණන් කරලා අවසන් කළ නොහැකි ප්රමාණ අතින් ක්රන්ත වු පුණ්‍ය විපාක ලැබෙනවා,මේ ආකාරයට දානයේ අනුසස් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
අප දන්දීමේදි මනස පිරිසිදු තත්වයට පත් කරගෙන දන්දිය යුතුයි. " දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤතං සප්පුරිසපඤ්ඤත්තං " යන උදෘත පාඨයෙන් අවධාරන කෙරෙන්නේ දන් දීම සත්පුරුෂයන්ගේ කාර්යයක් බවය. සෑම පුද්ගලයෙකුටම දන්දීම සඳහා සිත් පහළ වන්නේ නැත. එසේ පහළ වුවද දන්දෙන්නේ නැත. බුද්ධ දේශනාවේ සඳහන් පරිදි දන්දෙන අවස්ථා වලදි දායකයාගේ සිතේ ඇතිවන කාරණා තුනක් පිළිබඳව දක්නට ලැබේ. එනම් පුර්ව චේතනා, මුඤජන චෙතනා, අපර චෙතනා , යනුවෙනි.පුර්ව චේතනා යනු දන්දීමට පෙර සිතෙහි ඇතිවන තත්වයයි.මුඤ්ජන චේතනා යනු දන් දෙන අවස්ථාවේදි සිතේ ඇතිවන තත්වයයි..අපර චේතනා යනු දන් දීමෙන් අනතුරුව සිතෙහි ඇතිවන තත්වයයි. ඉහත සදහන් කරන ලද අවස්ථා තුනෙහිදීම සිත සතුටින් තබාගෙන දන් පුජා කරන්නා උසස් ආනිසංස ලබයි. දන්දීම මහත් ආනිසංස ලැබෙන උදාර කාර්යක් බම මජ්ඤිම නිකායේ දක්ඛින විභංග සුත්රයේ සඳහන් වේ.
එමෙන්ම දස පුණ්‍ය කිරියා, තිරිවිද පුණ්‍ය කිරියා අතර පර්මුඛත්වයක් ලබන්නේ දානයයි.දස පාරමිතා , දස සක්විතිවත්, සතර සංග්රහා වස්තු ආදි සියලු අවස්ථාවන්හිදි දානය පෙරට පැමිණේ. දන් දීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.බුදු පසේ බුදු මහරහත් බව පාර්ථනා කරන බෝසත්වරු මෙම දාන පරමිතාව ඉතා උසස් අයුරින් සම්පුර්ණ කරයි.මේ අනුව දන් නොදි නිවන් ලැබිය නොහැකි බවත් මනාව තහවුරුවෙයි. සියලුම දෙනා අවබෝධයෙන් යුතුව දන්දිය යුතුය. අනවබෝධයෙන් දන් දීමෙන් නියම ප්රතිඵල ලඟාකර ගත නොහැක. සියල්ලෝම දන්දෙන විට තුන්සිත පහදවාගෙන අවබෝධයෙන් යුක්තව දන් පුජා කිරීමෙන් තෘෂ්ණාව නැතිකර ගැනීමට ඉටාගත යුතුය....
No comments:
Post a Comment