පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව, ශරීරය යන්නයි.තමන්ගේ සිත් ගත් අයෙක් දුටු විට තම පහ අවුල් වේ.මේ නිසා අවුල් වු පහ සලාගත යුතුය. පහ සැලීම පන්-සල වේ. ඒ අනුව පහ සලාගත හැකි එකම තැන පන්සල වේ.පහ සලා නොගත්තොත් නැවත නැවතත් පහ අවුල් විය හැකිය. තමාගේ සහකාරිය හෝ සහකාරයා සොයාගත් පසු ඉක්මනින් ම දෙදෙනාම පහ සලාගත යුතුය. පවුල් වු අය පන්සල් විය යුතු බව පැරැන්නන් විශ්වාස කළහ. පවුල් වි පන්සල් නොවු අයගේ කසාද ජිවිතය ඉතා කෙටි කාලයකින් නිමා වන්නේය. ඒ ඔවුන් නිතරම පහ අවුල් කරගන්නා නිසාය.
මෙත් දහරා
Wednesday, July 19, 2017
Friday, June 30, 2017
කෙස් ගසකින් කමටහනක්
ලස්සනයි සිනිදුයි කියලා කොයි තරම් ආඩම්බරයක් ගෙන දුන්නා වුණත් නඩත්තු කිරිම අතපසු වුණ හැටියේ මේ කෙස් ගද ගහනවා.පිළිකුල් සහගත උකුණන්ට මේ කෙස් වාසස්ථානයක්. මොන තරම් සුන්දරව තිබුණත් මේ කෙස්වල අප්‍රිය ස්වභාවයන් ඉවත් වන්නේ නැහැ. කෙස් කැබැල්ලක් ආහාර පානවල තිබුණත් අපට ඒ ආහාර පානය පවා පිළිකුල උපදවන ස්වභාවයෙන් යුක්තයි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ.
ඉස්සර මගේ කොණ්ඬේ කළු පාටයි. බඹරුන්ගේ පාට වගේ.
කැරලි ගැහිලා උඩට හැරිලා තිබුණා.
ඒ උණාට දැන් ජරාවට පත් වෙලා ගිහින් හණ වැහැරි වගෙයි.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
ඉස්සර මං කොණ්ඬේට සුවඳ මල් ගහනවා.
එතකොට කොණ්ඬේ සුවද කරඬුවක් වගෙයි.
ඒ වුණාට දැන් ජරාවෙන් යටවෙලා ගිහින් හා ලොම් වගේ ගඳ ගහනවා.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
එතකොට කොණ්ඬේ සුවද කරඬුවක් වගෙයි.
ඒ වුණාට දැන් ජරාවෙන් යටවෙලා ගිහින් හා ලොම් වගේ ගඳ ගහනවා.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
ලස්සනට, පිළිවෙළකට මල් වවපු මිදුලක් වගේ මං පනාවෙන් ලස්සනට කොණ්ඬේ පීරනවා.
අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා.
නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
අවුල් දිග හැරලා රත්තරන් කොණ්ඩ කටු ගහලා ලස්සනට සකස් කරනවා.
නමුත් දැන් ජරාව නිසා ඒ කෙස් ගැලවිලා ගිහින් තැනින් තැන ඉතුරු වෙලා තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
කළු කෙස් වැටිය ගොතලා රත්තරන් ආභරණ වලින් සරසපුවාම හරිම ලස්සනයි.
නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාල තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
(අම්බපාලි රහත් මෙහෙණිය වදාළ ථේර ගාථා)
නමුත් දැන් ජරාව විසින් ඒ කෙස් ගලවලා දාල තියෙන්නේ.
සත්‍යවාදි වු බුදු සමිදුන්ගේ වචනය නම් වෙනස් වෙන්නේ නෑ.
(අම්බපාලි රහත් මෙහෙණිය වදාළ ථේර ගාථා)
බුදුසමය තුළ කාන්තාවට හිමිතැන
බෞද්ධ චින්තනය තුළ කාන්තාව මවක්, බිරිදක්, ගෘහණියක්, උපාසිකාවක්, භික්ෂූණියක්, දියණියක්, වශයෙන් වරප්‍රසාද ලබා තිබේ. බුදුසමය මව් පදවිය අගය කරයි. “ ගෙදර බුදුන් අම්මා ” “බුදුන් වදින ලෙස වැදපන් අම්මට” “දස මසේ උරේ කත්වා ” යන ප්‍රකාශ ගොඩ නැගුනේ බුදුසමය පදනම් කරගෙනයි. “ මාතු පෝසක” ජාතක කතාවේ මවගේ වචනය අගය කරයි. මවත්, පුතත් මුහුදු යාත්‍රාවකින් සාගරය තරනය කරන විට යාත්‍රාව දියබත් වු බැවින් පුතා මව කරේ තබාගෙන ගොඩබිමට පිහිනයි. මෙහිදි මව “පුතේ නුඹ බුදුවෙයන් ” යනුවෙන් ආශිර්වාද කරයි. මේ නිසා මවගේ වචනය මුල් කරගෙන බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වුවා යැයි බෞද්ධයෝ විශ්වාස කරයි.බුදුරජාණන් වහන්සේ ද මව්පදවිය ඇගයිමට ලක්කර ඇත.
බුදුසමය උගන්වන්නේ “මාතෘ පිතෘ උපට්ඨානා” පියාට මෙන්ම මවටද සැලකීම මංගල කරුණක් බව මහ මංගල සුත්‍රයේ පෙන්වා දෙයි. බුදුසමය තුළ කාන්තාව බිරිදක් ගෘහණියක් ලෙසද අයිතින් දිනාගෙන තිබේ. සිඟාලෝවාද සුත්‍රයේ ස්වාමියාගෙන් බිරිදට ඉටුවිය යුතුකම් පහක් සඳහන් කරමින් බිරිදක් වශයෙන් පමණක් නොව ගෘහණියක් වශයෙන් ද ඇයගේ අයිතින් රැක දී තිබේ. බුදුරදුන් වරෙක දේශනා කරන්නේ “භාර්යෝ පරමෝසඛා” බිරිද සැමියාගේ පරම මිතුරා බවයි. එමෙන්ම බුදුසමය හේතුවෙන් කාන්තාවන් උපාසිකාවක් වශයෙන් ද වරප්‍රසාද දිනා ඇත. විශාකා උපාසිකාව, චුජ්ජුත්තරා, සමාවති, රජ්ජුමාලා, පුණ්ණා උපාසිකාවන් බවට පත් වුයේ බුදු සමය නිසාවෙනි.
Thursday, June 29, 2017
මෙලොව සැප හා පරලොව සැප
ලෝකයෙහි ජිවත් වන සෑම මනුෂ්‍යයයෙක්ම සැප කැමැත්තෝ වෙති. විශේෂයෙන් අන් සත්වයන්ට වඩා මිනිසා සැපයට ඇලුම්කම් දක්වති. මිනිසාගත් කල ඉගෙන ගන්නේ, රැකියා කරන්නේ , නිවාස යාන වාහන ගන්නෙත්, විවාහා වන්නෙත් සැප බලාපොරොත්තුවෙනි. ඒ අතර බුදුන් වහන්සේ මෙලොව සැප හා පරලොව සැප යනුවෙන් සැපයෙහි ප්‍රභේද දෙකක් පෙන්වා දී ඇත. දිඝජානු කෝලිය පුත්‍රයා බුදුරදුන් වෙතට පැමිණ පවසන්නේ කාමභෝගින් වන අපගේ මෙලොව පරලොව හිත පිණිස වන දහමක් දේශනා කරන්න යනුවෙනි. එහිදි බුදුරදුන් මෙලොව හිත පිණිස හේතුවන සම්පත්ති හතරක් ඇතුළත් කරමින් ව්‍යග්ගපජ්ජ සුත්‍රය දේශනා කරන ලදී. එහි මෙලොව සැපයට හේතුවන කරුණු 4ක් දැක්වේ.
1 උට්ඨන සම්පදා
2 ආරක්ඛ සම්පදා
3 කල්‍යාන මිත්තතා
4 සමජීවකතා
උට්ඨන සම්පදා යනු නැගී සිටි වීර්යෙන් දෑත දෙපය සොලවා දහඩිය වඟුරුවා ශ්‍රමය වැය කොට ධනය ඉපැයීමයි. ආරක්ඛ සම්පදා යනු එසේ උපයාගත් ධනය ගින්නෙන්, ජලයෙන් , රජුන්ගෙන් , සොරුන්ගෙන් යන චතුර්විධ උපද්‍රව වලින් රැක ගැනීමයි. කල්යාන මිත්තතා යනු උපකාරක , සමාන සුඛ දුක්ඛ , අත්තක්කායි , අනුකම්පක යන යහපත් කල්‍යාන මිත්‍ර ඇසුරයි. පාප මිතුරන් ඇසුරු කිරීම දුක් විපාක විදිමට සිදුවන්නකි. සමජීවකතා යනු අය වැය සමව දැන දනය පරිහරණය කිරිමයි. මේ කරුණු 04 මෙලොව සැප ලැබීමට හේතු වේ. පරලොව සැප පිණිස හේතුවන කරුණු 4කි. එවානම්
1 සද්ධා සම්පදා
2 සීල සම්පදා
3 ත්‍යාග සම්පදා
4 පඤ්ඤා සම්පදා
යනු ඒ සම්පත්ති 4 යි. තුනුරුවන් කෙරෙහි ඇති අවබෝධය පදනම් කරගත් පැහැදිම සද්ධා සම්පදාවයි. කය වචනය දෙකේ සංවරය සීල සම්පදාවයි. මසුරු බවින් තොර පරිත්‍යාගශීලි බව ත්‍යාග සම්පදාවයි. පඤ්ඤා සම්පදා යනු නුවණින් යුක්ත වීමයි. මේ සම්පත්ති 4 පරලොව සැප ලැබීමට හේතුවේ.
බුදු සමය සෞන්දාර්ය හා රසාස්වාදය අගය කළ අයුරු
ජීවිතය අනිත්‍යය සසර දුක් සහිතය සියල්ල ශ්‍රනයක් ශ්‍රනයක් පාසා වෙනස් වේ. ශරීරය කුණු ගොඩක් දෙතිස් කුණු වලින් එය පිරී පවති. අනිත්‍ය සෑම දෙයක්ම දුක ගෙනදේ. කුමන සිනහාවක් ද කුමන සතුටක්ද ලෝකය කෙලෙස් ගින්නෙන් දැවෙමින් පවති. මෙබදු ඉගැන්විම් සිදුකරන බුදු සමයට සෞන්දාර්ය පිළිබඳ කතා කිරීමට අයිතියක් නැතැයිද බුදු සමය සෞන්දාර්ය විරෝධි දහමකැයිද ලෝකයෙහි ඇතැම් උගතුන් ප්‍රකාශ කරයි. එහෙත් බුදුදහම ගැඹුරින් හදාරා බලන කල්හි බුදු සමය තරම් සෞන්දාර්ය අගය කරන සෞන්දාර්ය වර්ණනා කරන සුන්දරත්වය දකින අන් දහමක් තවත් තිබේද යන ප්‍රශ්නය මතු වේ. අනිත්‍ය බව දුක් සහගත බව ලෝක යථාර්තයයි. බුදු කෙනෙකු පහළ නොවුවද ඒ යථාර්තය එලෙසින්ම ක්‍රියාත්මක වේ. උන්වහන්සේ සිදුකළේ එය පෙන්වාදීම පමණයි. ඒ අනුව බුදු සමය සෞන්දාර්ය නොතකන දහමකැයි කිව නොහැක.
බුදුරජාණන් වහන්සේ සෞන්දාර්ය කලා රසාස්වාදය විදගත් අයුරු සඳහන් කිරීමේ දී තතාගතයන් වහන්සේ උපත ලැබුවේ, බුද්ධත්වයට පත් වුනේ, වැඩි කාලයක් ගත කළෙත් , පරිනිර්වාණයට පත් වුවෙත් සුන්දර වනාන්තර තුළයි.රමණිය උද්‍යාන තුළයි. අරිය පරියේසන සුත්‍රයේ බුදුරදුන් භාවනා කිරීමට තෝරාගත් ප්‍රදේශයේ සුන්දරත්වය මෙසේ වර්ණනා කරයි. “ මේ භුමී භාගය ඉතාමත් රමණියයි. වන ලැහැබද ප්‍රසාද ජනකයි. මනාතොටු ඇති සුදු වැලිතලා මැදින් ගලනා ජලය සිත් සනසන සුළුයි. හාත්පස ගොදුරු ගමකි. ප්‍රධාන වීර්ය වඩන කුල පුත්‍රය මීට වඩා සුදුසු අන් තැනක් නොමැති තරම්ය. මහ පරිනිබ්බාන සුත්‍රයේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ සිත්ගත් රමණීය ස්ථාන ආනන්ද තෙරුණ්ට පවසයි. “ ආනන්ද විශාලා මහනුවර රමණියයි. සබ්තත්තක චේතිය රමණියයි. මකුල පර්වතය රමණියයි.” එයින් ද පෙනෙන්නේ බුදුරදුන් සුන්දර ප්‍රදේශයන්ට කැමැත්ත දැක් වු බවය.
සක්කපඤ්හ සුත්‍රයට අනුව සක්දෙවියන්ට බුදුරදුන් හමුවට යාමට අවශ්‍ය වු බැවින් ඊට අවශ්‍ය වු බැවින් ඊට සුදුසු පරිසරයක් මැවීම පිණිස සක්දෙවියන් තම වීණා වාදකයා වු පංචසිඛ බුදුරදුන් වෙතට එවයි. ඔහු ඉන්ද්‍රසාල ගුහාව අසලට පැමිණ බුදුරදුන්ට ඇසෙන තෙක් මානයේ සිට සුරිය වච්චසාගේ රූපකාය වර්ණනා කරමින් ගීතයක් ගයමින් වීනාව වාදනය කරයි. එය අසා සිටි බුදුරදුන් අවසානයේ පංචසිඛට පවසන්නේ “ පංචසිඛ මම නුබේ ගායනය සහ වාදනය සසදා බැලුවෙමී. ගායනය ඉක්මවා වාදනය නොයයි. වාදනය ඉක්මවා ගායනය නොයයි. යනුවෙනි. ඒ අනුව බුදුරජාණන් වහන්සේ සෞන්දාර්ය විදගත් අයුරු පැහැදිළි වේ. බුදුරජාණන් වහන්සේද සෞන්දාර්ය ඇලුම් කළ සැබැ සුන්දරත්වය සැබැ ඇසකින් දුටු සෞන්දාර්ය කාමියෙකු බව පැහැදිළි වේ.
Thursday, June 22, 2017
අනුරාධපුර යුගයේ ප්‍රතිමා ශිල්පයේ නිරුපිත සම්ප්‍රදායන්
ශී ලංකාවේ කලා නිර්මාණ කෙරෙහි විවිධ කලා සම්ප්‍රදායන්ගේ ආභාශය ලැබි ඇති අයුරු මෙරට ඉතිහාසය විමසා බැලිමේදි පැහැදිළි වේඅනුරාධපුර යුගයේ ප්‍රතිමා කලාව පිළිබඳ තොරතුරු ගවේශනයට ප්‍රථම විවිධ ප්‍රතිමා නිර්මාණයන් සඳහා පාදක වුණු සම්ප්‍රදායන් පිළිබඳ අවබෝධයක් ලබා තිබිම වැදගත් වේඑලෙස අවබෝධ කර ගැනිම තුලින් එකි අනුරාධපුර යුගයේ ප්‍රතිමාවන් පිළිබඳ වඩා පුලුල් දෘෂ්ටියකින් හැදැරිමට අවකාශය සැලසේඅනුරාධපුර යුගයේ ප්‍රතිමා ශිල්පයේ නිරුප’ත සම්ප්‍රදායන් අතර,
■ ගාන්ධාර සම්ප්‍රදාය
■ මතුරා සම්ප්‍රදාය
■ අමරාවති සම්ප්‍රදාය
■ ගුප්ත සම්ප්‍රදාය
■ පල්ලව සම්ප්‍රදාය
■ විජයනග්ර සම්ප්‍රදාය
යන සම්ප්‍රදායන් දක්නට ලැබේ
ඒ අතර ගාන්ධාර සම්ප්‍රදායන් මුල් තැනක් ද’ විමසා බැලිය හැක ක්‍රිව1-5 දක්වා සියවස් අතර පැවතුණු මේ සඳහා ග’්‍රක ආභාශයද (විදේශිය ආභාශයද ) ලැබි ඇතමේ නිසා ග්‍රික බෞද්ධ සම්ප්‍රදාය නමින්ද හැදින්වේමුලින්ම ගන්ධාර ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමා නෙලිම ආරම්භ වුවා යැයි පැවසේ මේ බුද්ධ පතිමා වලින් බොහෝ දූරට ස්වාභාවික මනුෂ්‍ය ලක්ෂණ පිළිබිඔු කර ඇතඅජන්තා, බුද්ධගයා හා තාරුත් ආදි චිත්‍ර ගාන්ධාර සම්ප්‍රදායට අයත් වේ
ක්‍රිව 1-2 දක්වා කාල සිමාව තුල සිමාව තුළ මතුරා සමිප්‍රදාය පැවතුනිමිට ජෛන ආගමෙහි ආභාශය ලැබි ඇතමතුරා සමිප්‍රදාය තුල දේශිය ලක්ෂණ ගැබිව ඇතමතුරා ප්‍රතිමා වලින් බුදූරාජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික චරිතය මුර්තිමත් කර ඇත.ගුප්ත සමිප්‍රදාය විකාශනය වුයේද මතුරා සමිප්‍රදායෙනි වටකුරු මුහුණ, තරබරු පෙනුම යොදා ඇතඌ්රණ රෝම ධාතුවද එහි පිහිටා ඇතඇගට ඇලි තිබෙන සිවුරු මතුරා ප්‍රදේශයේ ප්‍රතිමාවල ලක්ෂණ වෙයි.
ලංකාවේ අවුකන ,තොලුවීල ආදි ප්‍රතිමා අයත් අමරාවති සම්ප්‍රදාය ක්‍රි.ව 2-4 අතර සියවස් කාලවල පැවතිණි.ලංකාවේ මුලින් සෑදූ බුද්ධ ප්‍රතිමා සඳහා අභාශය ලැබුනේ අමරාවති සම්ප්‍රදායෙන් යැයි පැවසේ බොහෝවිට කිරිගරුඩගල් මේ සඳහා භාවිතා කර ඇතපටු දිගටි හිස, බෙලිකටු හැඩයේ කෙස් කැරළි, පිරුණු සිරුර, ක්‍රමවත්ව ඇතුළට නෙරාගිය සිවුරු රැල්ල, මෙන්ම යට අදනය පෙන්වා ඇතපැතලි බව, කැළඔුන බව අංග චලනය පෙන්වයි.
භාරතිය චන්ද්‍රගුප්ත රාජ්‍ය සමයේ පටන් ඇරඹි ගුප්ත සම්ප්‍රදාය ක්‍රි.ව 4-6 දක්වා කාලයට අයත් වේ.මෙය මහායාන කලාවට සම්බන්ධය බොහෝදූරට කැටයම් සඳහා කලුගල් භාව’තා කර ඇතඉන්දියාවේ ප්‍රතිමා කලාවේ උසස්ම අවස්ථාව ලෙස ගුප්ත සම්ප්‍රදාය සැලකේ මුහුණෙහි මඳ සිනහව, අධ්‍යාත්මික ගුණ ප්‍රකාශනය, අඩවන් වු දෙනෙත්, ඇගට ඇලුනු සිවුර මෙම ප්‍රතිමාවල දක්නට ලැබේ මතුරා සම්ප්‍රදාය තුළින් ගුප්ත සම්ප්‍රදාය බිහි වු බව පැවසේඉන්දියාවේ අජන්තා චිත්‍ර, සරනත් බුද්ධ ප්‍රතිමාව, සමාධි බුද්ධ ප්‍රතිමාව, ඉසුරුමුණියේ පෙම් යුවල, බිසෝ මාළිගේ සදකඩ පහණ තුළින් අදටත් මෙම සම්ප්‍රදාය පිළිඹීබු වේ.
බෞද්ධ ආගමට එතරම් සබදතාවක් නොදක්වන සම්ප්‍රදායක් ලෙස පල්ලව සම්ප්‍රදාය පෙන්වා දිය හැක ක්‍රි.ව 7 සියවස පමණ මෙය ආරම්භ වේ.හින්දූ ආගමට වැඩි නැඔුරුවක් දැක්වීම පෙන්නුම් කෙරේ හිටි බුද්ධ ප්‍රතිමාවල රැස් වලල්ල පල්ලව ලක්ෂණයකිඑත් රූප ප්‍රතාපවත් මෙන්ම විශාලය ජලාශවල ගල් ඉවුරුද කැටයම් සඳහා යොදා ගනි.(ඉසුරුමුණිය ) ගොපුර කැටයම් සහිත්‍ය, ඉන්දියාවේ ඇලිපන්ටි, එල්ලෝරා ලෙන්වල කැටයම් ද, ලංකාවේ ඉසුරුමුණි ඇත් කැටයම, අශ්ව හිස සහා මිනිසා, නාලන්දා ගෙඩි ගෙය යනාදිය පල්ලව සම්ප්‍රදායට අයත් වේ.
බෞද්ධාගමට එතරම් සම්බන්ධතාවක් නොදක්වන තවත් සම්ප්‍රදායක් ලෙස විජයනග්ර සම්ප්‍රදාය පෙන්වාදිය හැකිය. ක්‍රි.ව 16 සියවස මෙහි දියුණුම අවස්ථාවයි.මෙයට පල්ලව සම්ප්‍රදායේ ලක්ෂණයන් ද එකතු වි ඇත.කුලුණු සහිත මණ්ඩපය මෙහි විශේෂ ලක්ෂණයකී.කොවිලට මගුල් මඩුවක් ද එකතු කරයි.දෙපසින් සිට පනින අශ්ව රූප ද මෙහි විශේෂ ලක්ෂණයකි ගඩලාදේණිය විහාරය විජයනග්ර සම්ප්‍රදායට අයත් වේ.
කඨීන පුජා පිංකම
මෙය භික්ෂුන් වහන්සේ වැඩවසන විහාරයක අවුරුදු පතා කෙරෙන විශේෂ පිංකමකි. වස් අවසානයේ දී සංඝ රත්නයට පුජා කරන චීවරය, කඨීන චීවරය නමින් හැදින්වේ.වර්ෂයකට එක් වරක් පමණක් සිදු කෙරෙන දුර්ලභ පිංකමක් බැවින් මෙය ඉතා උසස් පිංකමක් ලෙස සලකනු ලබයි.වර්ෂාව වැඩිපුර බල පවත්වන ජුලි සිට නොවැම්බර් දක්වා කාලය වස්සාන සමයයි. ආරාමයක වසන භික්ෂුන් වහන්සේට වස් විසීමට ආරාධනය කරනු ලබන්නේ දායකයන් විසිනි.
මේ කාලය තුළ දී දිනපතා උන්වහන්සේට දානමානාදියෙන් උවැටැන් කිරීමට දායකයෝ එක්ව වැඩ පිළිවෙළක් සකස් කරති. බොහෝවිට කෙරෙන්නේ එක් එක් දිනයේ හීල් දානය, දවල් දානය එක්ව හා ගිලන් පස එක් එක් දායක පවුල් විසින් භාරගෙන වස් විසු ස්වාමින් වහන්සේට ඉතා සැලකිල්ලෙන් උවටැන් කිරීමයි. මේ දාන හැදින්වෙන්නේ වස්දාන නමිනි. භික්ෂුන් වහන්සේ බණ භාවනා කරමින් මේ කාලය ගත කරන අතර තමන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරන ගිහියන් සඳහා බුද්ධ පුජා හා ධර්මදේශනා පැවැත්වීමෙන් සංග්‍රහ කරති.
වස් අවසානයේ දී චීවරය සඳහා යොදා ගන්නා කඨීන වස්ත්‍රය දායකයෙකුගේ නිවසේ සිට අලුයම් කාලයේ පෙරහරින් වැඩමවා ගෙනැවිත් මහා සංඝයාට පවරනු ලැබේ. කඨීන සිවුර වැඩමවන පෙරහැර කඨීන පෙරහැර නමින් හැඳින්වේ. භික්ෂුන් වහන්සේ විසින් චීවරය සඳහා ලැබෙන රෙදිකඩ සිවුරකට අවශ්‍ය අන්දමින් කපා, මසා පඩු පොවනු ලැබේ. මහා සංඝයා විෂයයෙහි පවත්වනු ලබන දක්ෂිණාවක දී කඨීන සිවුර සංඝිකව මහා සංඝයාට පුජා කරනු ලැබේ.එය වස් සමාදන් වු ස්වාමින් වහන්සේ නමකට පිරිනමන්නේ මහා සංඝයා විසිනි. කඨීන සිවුර ලැබෙන ස්වාමින් වහන්සේ විසින් එම සිවුර පොරවා කඨීනානිශංස යන මැයෙන් එදින රාත්‍රීයේ ධර්ම දේශනාවක් පැවැත්වීමද සිරිතක් වේ.
Subscribe to:
Posts (Atom)
කුමක් ද මේ පහ අවුල් විම
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
සමාජය යනු ගතික වුවකි. පුද්ගල එකතුවකින් ගොඩ නැගුන මෙම විෂම සමාජය තුළ විවිධ පුද්ගලයන් ජිවත්වෙනු ඇත. එමෙන්ම විවිධ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙනු ...