වෙසක් උත්සවය තුළින් බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරනු ලබනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කරුණු මෙහිදි සිහිකරනු ලබනවා.මැයි මසයේ යෙදෙන මේ පොහෝ දිනය බෞද්ධයන්ගේ පර්ධානතම උත්සවයක් ලෙස සැලකේ.වෙසක් යන්නට විවිධ රටවල භාවිතා වන්නේ විවිධ නාමයන්ය. විශාකා පුජා, බුද්ධ පුර්නිම, එහෙමත් නැතිනම් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, යන රටවල හඳුන්වනු ලබනවා. එමෙන්ම ශීරි ලංකාව ,මැලෙසියාව වෙසක් ලෙස හඳුන්වනු ලබනවා.
බෞද්ධයන්ගේ අලුත් අවුරුදු දින මෙය බවත් සලකනු ලබනවා.මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක පැරණි සම්ප්රදායකි.වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්රදායන්ට අයත් බෞද්ධ ජනතාව ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදුවීම හා පරිනිර්වානය අනුස්මරණය කරනු ලබනවා.බුදු දහම ඉන්දියාවේන් වෙනත් රටවලට ව්‍යාප්ත වීම නිසා ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමඟ බද්ද වී තියනවා.එහි පර්ථිඵලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන් සමරනු ලබනවා.
වෙසක් දිනයේ දී බෞද්ධයින් විහාරස්ථාන වෙත ගොස් බුදුන්, දහම්, සගුණ් ගුණ සිහි කරමින් මල්, පහන්, හඳුන්කුරු යනාදිය පුජා කරනු ලබනවා. මෙසේ පුජා කරන ලස්සන මල් මද වෙලාවකින් වියලි පරවි යනවා. හඳුන්කුරු , පහන් දැවි අවසන් වෙනවා. ඒ තුළින් ඔවුන් එසේම ජිවිතයද ජරාවට පත්ව අවසාන වන බව අවබෝධ කරගනු ලබනවා. අපේ රටේ වෙසක් සැමරීම සඳහා දින දෙකක් වෙන්කර තිබිමද මෙහිදි වැදගත් වෙනවා.
කුඩුවල සිරකරගෙන සිටින කුරුල්ලන්, වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හැරීමද මේ කාලයේ සිදුකරනු ලබනවා.මස් කඩ, මත් පැන් අලෙවි සැල් වසා දමනු ලබනවා. මේ උතුම් පොහෝ දින බෞද්ධ භික්ෂුන් වහන්සේලා අප ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරනු ලබනවා. වැඩිහිටියන්ට, අබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ට ද සතුට ගෙනදීම සඳහා උත්සහ කිරිම ද වෙසක් සැමරුමෙන් අදහස් වෙනවා.
බුදුන් වහන්සේ වැද පුදා ගැනිමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයිමට ද මේ උතුම් පොහෝ දින සිදුකරනු ලබනවා.වෙසක් මස පසළොස්වක දිනයේ ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස මෙරට තුළ වෙසක් උත්සවය බෞද්ධ ජනතාව විසින් දැහැමින් සමරනු ලබනවා.
No comments:
Post a Comment