සමාජයේ ජිවත් වන බොහෝමයක් දෙනෙක්ගේ හිතෙහි මුල් බැසගෙන තිබෙන්නේ ජිවිතේට පින් දහම් රැස් කර ගැනීමට මදල් අවශ්‍ය බවයි. නමුත් එය එසේ නොවේ. සමාජයේ ජිවත් වන බොහෝ දෙනා හිතන්නේ කෝ අපට දානමනාදි පිංකම් කරන්න මුදල් කියා.නමුත් බුදුරජාණන් වහන්සෙගේ මේ ධර්මය තිබෙන්නේ ධනවතුන් පිණිසවත් දිළින්දන් පිණිසවත් නොවේ උන්වහන්සේගේ ධර්මය තිබෙන්නෙ නුවණ මෙහෙයවන්නන් උදෙසා, එනමි පර්ඥාවන් කෙනාටයි..
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ,
"පර්ඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස" " මාගේ මේ ධර්මය තිබෙන්නේ නුවණ මෙහෙයවන කෙනාටයි. නුවණ මෙහෙයවන්නේ නැති
කෙනාට නොවේ. ඉතිං මේ නිසා මෙහිදි
සල්ලි වියදම් කරලා නෙමෙයි මේ පින් රැස් කරන්නේ . බුදුරදුන් දේශනා කළේ "මලක් සිඹින වෙලාවක් මෙත් වඩන්න" යනුවෙනි.මෙහිදි භාවනාව වැඩිම නිසා
විශේෂයෙන් ලද හැකි අානිසංස එකෝළහක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනාකරලා තියනවා. ඒ වගේම උන්වහන්සේ
"පින්වත් මහණෙනි, යමෙක් උදැසනත්, දහවලත්, සවසත් බත් හැළි සියය බැගින් දන් දෙන්නේ ද යමෙක් උදේ ,සවස, ගව දෙනකගේ තන පුඩුවෙන් කිරි දොවන තරම් සුළු කාලයක් මෙත් වඩන්නේ ද ඒ භාවනාමය පින ඉහත බත් හැළි සියය බැඟින් දන්දී ලැබෙන පිනට වඩා මහත් ඵල ද මහානිසංස ද වන්නේය."යනුවෙන් දේශනා කොට වදාළා.
එසේ නම් පින් කිරීමට මුදල පර්ශනයක් නොවේ. ඒ වගේම පින් අනුමෝදන් කිරීම තුලින් ද ජිවීතයට පින් රැස් කරගන්න අපට පුළුවන්..මේ කිසිවකට මුදල් අවශ්‍ය වන්නේ නැත.
එසේ නම් පින් කිරීමට මුදල පර්ශනයක් නොවේ. ඒ වගේම පින් අනුමෝදන් කිරීම තුලින් ද ජිවීතයට පින් රැස් කරගන්න අපට පුළුවන්..මේ කිසිවකට මුදල් අවශ්‍ය වන්නේ නැත.
No comments:
Post a Comment