Monday, May 29, 2017

දන් දිය යුත්තේ...?

දන් දිය යුත්තේ මහත්පල මහානිසංස වෙන විදියටයි.

අද ලෝකයේ බොහෝමයක් දෙනා විශේෂයෙන් බෞද්ධයන් දානමනාදි පින්කම් කරනවා. ඇතමුන් මහා පරිමාණයෙන් දන් දෙනවා. ,තවත් සමහරු තමන්ට පුළුවන් හැටියට දන් දෙනවා.නමුත් ඔවුන් තුළ දන් දිය යුත්තේ කෙසේද ..? දන් දිමෙන් ලැබෙන අනුසස් මොනවාද කියන කරුණු පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ දානයේ අනුසස් ඉතා අපුරුවට පෙන්නලා තියනවා. යමෙක් තිරිසන්ගත සතුන්ට දානයක් පුජා කරගත්තාම ඒ අයට ආනිසංස සියයක් තියනවා.පෘතග්ජනයි, දුස්සීලයි, එබදු කෙනෙකුට දානයක් දුන්නාම ආනිසංස දාහක් තියනවා. පෘතග්ජනයි, සීලවන්තයි, තිසරණය නැ අවබෝදයෙන් ම තිසරණයේ පිහිටලා ආර්ය මාර්ගයට පැමිණිලා නැ.සද්ධානුසාරි, ධම්මානුසාරි මට්ටම් වලට ඇවිල්ලා නැති එබදු පෘතග්ජන සීලවන්තයෙකුට දානයක් පුජා කර ගන්න කෙනාට ආනිසංස ලක්ෂයක් තියනවා..

ඊළගට බුදු සසුනෙන් බාහිර වු කාමයන් දුරු කරලා කාමයන් කෙරෙහි වීතරාගි වු ශ්රමණ බ්හ්මවරු ඉන්නවා , බන භාවනා කරගෙන ඉන්නවා.හැබැයි ආර්ය මාර්ගය දන්නේ නැති ඒ අයට දන් දුන්නාම කොටි ලක්ෂවාරයක් ආනිසංස තියෙනවා. සොවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පුරන එ් කිවේ සාද්දානුසාරි ධම්මානුසාරි උතුමන්ට දානේ දුන්නාම අසංකෙයිය අප්රමාණ ගණනින් නිමකර ගණන් කරලා අවසන් කළ නොහැකි ප්රමාණ අතින් ක්රන්ත වු පුණ්‍ය  විපාක ලැබෙනවා,මේ ආකාරයට දානයේ අනුසස් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.



අප දන්දීමේදි මනස පිරිසිදු තත්වයට පත් කරගෙන දන්දිය යුතුයි. " දානං භික්ඛවේ පණ්ඩිත පඤ්ඤතං සප්පුරිසපඤ්ඤත්තං " යන උදෘත පාඨයෙන් අවධාරන කෙරෙන්නේ දන් දීම සත්පුරුෂයන්ගේ කාර්යයක් බවය. සෑම පුද්ගලයෙකුටම දන්දීම සඳහා සිත් පහළ වන්නේ නැත. එසේ පහළ වුවද  දන්දෙන්නේ නැත. බුද්ධ දේශනාවේ සඳහන් පරිදි දන්දෙන අවස්ථා වලදි දායකයාගේ සිතේ ඇතිවන කාරණා තුනක්  පිළිබඳව දක්නට ලැබේ. එනම් පුර්ව චේතනා, මුඤජන චෙතනා, අපර චෙතනා , යනුවෙනි.පුර්ව චේතනා යනු දන්දීමට පෙර සිතෙහි ඇතිවන තත්වයයි.මුඤ්ජන චේතනා යනු දන් දෙන අවස්ථාවේදි සිතේ ඇතිවන තත්වයයි..අපර චේතනා යනු දන් දීමෙන් අනතුරුව සිතෙහි ඇතිවන තත්වයයි. ඉහත සදහන් කරන ලද අවස්ථා තුනෙහිදීම සිත සතුටින් තබාගෙන දන් පුජා කරන්නා උසස් ආනිසංස ලබයි. දන්දීම මහත් ආනිසංස ලැබෙන උදාර කාර්යක් බම මජ්ඤිම නිකායේ  දක්ඛින විභංග සුත්රයේ සඳහන්  වේ.

එමෙන්ම දස පුණ්‍ය කිරියා, තිරිවිද පුණ්‍ය කිරියා අතර පර්මුඛත්වයක් ලබන්නේ දානයයි.දස පාරමිතා , දස සක්විතිවත්, සතර සංග්රහා වස්තු ආදි සියලු අවස්ථාවන්හිදි දානය පෙරට පැමිණේ. දන් දීම උතුම් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.බුදු පසේ බුදු මහරහත් බව පාර්ථනා කරන බෝසත්වරු මෙම දාන පරමිතාව ඉතා උසස් අයුරින් සම්පුර්ණ කරයි.මේ අනුව දන් නොදි නිවන් ලැබිය නොහැකි බවත් මනාව තහවුරුවෙයි. සියලුම දෙනා අවබෝධයෙන් යුතුව දන්දිය යුතුය. අනවබෝධයෙන් දන් දීමෙන් නියම ප්රතිඵල ලඟාකර ගත නොහැක. සියල්ලෝම  දන්දෙන විට තුන්සිත පහදවාගෙන  අවබෝධයෙන් යුක්තව දන් පුජා කිරීමෙන් තෘෂ්ණාව නැතිකර ගැනීමට ඉටාගත යුතුය....





Tuesday, May 9, 2017

වෙසක් පොහෝ දින

වෙසක් උත්සවය තුළින්  බෞද්ධයන් බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකරනු ලබනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත් වීම සහ පිරිනිවන් පෑම යන කරුණු මෙහිදි සිහිකරනු ලබනවා.මැයි මසයේ යෙදෙන මේ පොහෝ දිනය බෞද්ධයන්ගේ පර්ධානතම උත්සවයක් ලෙස සැලකේ.වෙසක් යන්නට විවිධ රටවල භාවිතා වන්නේ විවිධ නාමයන්ය. විශාකා පුජා, බුද්ධ පුර්නිම, එහෙමත් නැතිනම් බුද්ධ ජයන්ති යනුවෙන් ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, යන රටවල හඳුන්වනු ලබනවා. එමෙන්ම  ශීරි ලංකාව ,මැලෙසියාව වෙසක් ලෙස හඳුන්වනු ලබනවා.

බෞද්ධයන්ගේ අලුත් අවුරුදු දින මෙය බවත් සලකනු ලබනවා.මෙම කාලයේදී උත්සව පැවැත්වීම සියවස් ගණනාවක පැරණි සම්ප්රදායකි.වෙසක් දිනයෙහි ලෝකය පුරා සිටින විවිධ සම්ප්රදායන්ට අයත්  බෞද්ධ ජනතාව ගෞතම බුදු හිමියන්ගේ උපත, බුදුවීම හා පරිනිර්වානය අනුස්මරණය කරනු ලබනවා.බුදු දහම ඉන්දියාවේන් වෙනත් රටවලට ව්‍යාප්ත වීම නිසා ඒ ඒ රටවල් වල සංස්කෘතින් සමඟ බද්ද වී තියනවා.එහි පර්ථිඵලයක් ලෙස වෙසක් උත්සවය ලෝකයේ විවිධ රටවල් විවිධාකාරයෙන්  සමරනු ලබනවා.

වෙසක් දිනයේ දී  බෞද්ධයින් විහාරස්ථාන වෙත ගොස් බුදුන්, දහම්, සගුණ් ගුණ සිහි කරමින් මල්, පහන්, හඳුන්කුරු යනාදිය පුජා කරනු ලබනවා. මෙසේ පුජා කරන ලස්සන මල් මද වෙලාවකින් වියලි පරවි යනවා. හඳුන්කුරු , පහන් දැවි අවසන් වෙනවා. ඒ තුළින් ඔවුන් එසේම ජිවිතයද ජරාවට පත්ව අවසාන වන බව අවබෝධ කරගනු ලබනවා. අපේ රටේ වෙසක් සැමරීම සඳහා දින දෙකක් වෙන්කර තිබිමද මෙහිදි වැදගත් වෙනවා. 

කුඩුවල සිරකරගෙන සිටින කුරුල්ලන්, වෙනත් සතුන් හා කෘමින් දහස් ගණනින් මුදා හැරීමද මේ කාලයේ සිදුකරනු ලබනවා.මස් කඩ, මත් පැන් අලෙවි සැල් වසා දමනු ලබනවා. මේ උතුම් පොහෝ දින බෞද්ධ භික්ෂුන් වහන්සේලා අප ලොව්තුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය රජය සහ ජනතාවගේ සිත් සතන් පුබුදු කිරීම අරභයා දේශනා කරනු ලබනවා. වැඩිහිටියන්ට, අබාධිත පුද්ගලයින්ට සහ රෝගින්ට ද සතුට ගෙනදීම සඳහා උත්සහ කිරිම ද වෙසක් සැමරුමෙන් අදහස් වෙනවා. 

බුදුන් වහන්සේ වැද පුදා ගැනිමට විහාරස්ථාන වලට පැමිණෙන සැදැහැවතුන්ට නිර්මාංශ ආහාර සහ පානය සඳහා බීම වර්ග සැපයිමට ද මේ උතුම් පොහෝ දින සිදුකරනු ලබනවා.වෙසක් මස පසළොස්වක දිනයේ ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස මෙරට තුළ වෙසක් උත්සවය බෞද්ධ ජනතාව විසින් දැහැමින් සමරනු ලබනවා.


Monday, May 8, 2017

පින් කරන්න මුදල් අවශ්‍යමද...

සමාජයේ ජිවත් වන බොහෝමයක් දෙනෙක්ගේ හිතෙහි මුල් බැසගෙන තිබෙන්නේ ජිවිතේට පින් දහම් රැස් කර ගැනීමට මදල් අවශ්‍ය බවයි. නමුත් එය එසේ නොවේ. සමාජයේ ජිවත් වන බොහෝ දෙනා හිතන්නේ කෝ අපට දානමනාදි පිංකම් කරන්න මුදල් කියා.නමුත් බුදුරජාණන් වහන්සෙගේ මේ ධර්මය තිබෙන්නේ ධනවතුන් පිණිසවත් දිළින්දන් පිණිසවත් නොවේ උන්වහන්සේගේ ධර්මය  තිබෙන්නෙ නුවණ මෙහෙයවන්නන් උදෙසා, එනමි පර්ඥාවන් කෙනාටයි..

බුදුරජාණන්  වහන්සේ  දේශනා  කළේ,
"පර්ඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස"  " මාගේ මේ ධර්මය තිබෙන්නේ  නුවණ මෙහෙයවන කෙනාටයි. නුවණ මෙහෙයවන්නේ නැති
කෙනාට නොවේ. ඉතිං මේ නිසා මෙහිදි
සල්ලි වියදම් කරලා  නෙමෙයි  මේ පින් රැස් කරන්නේ . බුදුරදුන් දේශනා කළේ "මලක් සිඹින වෙලාවක් මෙත් වඩන්න" යනුවෙනි.මෙහිදි භාවනාව වැඩිම නිසා
විශේෂයෙන් ලද හැකි අානිසංස එකෝළහක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනාකරලා තියනවා. ඒ   වගේම උන්වහන්සේ

"පින්වත්   මහණෙනි, යමෙක්  උදැසනත්, දහවලත්, සවසත් බත් හැළි සියය බැගින් දන් දෙන්නේ ද යමෙක් උදේ ,සවස, ගව දෙනකගේ තන පුඩුවෙන් කිරි දොවන තරම් සුළු කාලයක් මෙත් වඩන්නේ ද ඒ භාවනාමය පින ඉහත බත් හැළි සියය බැඟින් දන්දී ලැබෙන පිනට වඩා මහත් ඵල ද මහානිසංස ද වන්නේය."යනුවෙන් දේශනා කොට වදාළා.

එසේ නම් පින් කිරීමට මුදල පර්ශනයක් නොවේ. ඒ   වගේම පින් අනුමෝදන් කිරීම තුලින් ද ජිවීතයට පින් රැස් කරගන්න අපට පුළුවන්..මේ කිසිවකට මුදල්  අවශ්‍ය වන්නේ නැත.

කුමක් ද මේ පහ අවුල් විම

පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...