Thursday, December 15, 2016

අහිමි වු පිය සෙනෙහස

දඟකාරකම් කෙරු සුන්දර             අතිතයේ
මතකයි තවමත් ලැබු සෙනෙහස ජිවිතයේ
නොකියාම ඔබ ගිහින් දුරකට මේ   බව‍යේ
කවදාක  අයෙ විදගන්නද ඔබේ  සෙනෙහේ


Friday, November 18, 2016

පුදමි බුදුහිමි

නුවණැසින් ලෝකය දකින්නට
දෙසු බණදම්  සිහිකලා මට
ඒ අසා මා සිතත් තව තව
යොමු වුනා මේ උතුම් දහමට

පුදමි බුදු හිමි සුවද මල්ගෙන
පුදමි බුදු හිමි පහන් එලිගෙන
පුදමි බුදු හිමි සිසිල් පැන්ගෙන
පුදමි බුදු හිමි පහන් සිත්ගෙන


හිගන්නා

වැරහැල්ල පවසයි ඔබේ ජිවිතය
පාන අත පවසයි ඔබේ දිලිඳු බව
විඩාබර ගත පවසයි  ඔබේ
වෙහෙස බව.......
දෙනෙතේ  කදුළු පවසයි
ඔබේ වෙදනාව ..........
කිලිටු දැත්  පවසයි කුස නොපිරිණු බව
මේ සියල්ල  පවසයි කර්මයන්
පලදෙන බව.........





Thursday, November 3, 2016

ශ්‍රද්ධාව පිළිබඳ බෞද්ධ ඉගැන්විම

අද සමාජයේ ගොඩක් පුද්ගලයන් පිං දහම් කිරිමට නැඹුරුව සිටියද බහුතරයක් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් දැකගත නොහැක. එනම් ඔවුන් තුළ ඇත්තේ අමුලිකා ශ්‍රද්ධාවක් පමණි බොහොමයක්දෙනා රටට සමාජයට පෙනෙන්නට පිං දහම් කරන අවස්ථාද දක්නට ලැබේ.ශ්‍රද්ධාවෙන් තොරව පිං දහම් කිරිමෙන් ජිවිතයට රැස්වන  අකුසල් වැඩිවනු ඇත.

             බෞද්ධ ඉගැන්වීමට අනුව ශ්‍රද්ධාව ලෙස අර්ථ දක්වා ඇත්තේ බුද්ධ,ධම්ම,සංඝ යන තුණුරුවන් පිළිබඳව ඇතිකරගත් පැහැදිම හා විශ්වාසයයි එමෙන්ම "පත්තකම්මවිභංග" සුත්‍රයෙ ශ්‍රද්ධාව හදුන්වා ඇත්තේ "ශ්රද්ධා හති තථාගතස්ස බෝධිං" තථාගතයන් වහන්සේ සත්‍යාවබෝධය ලැබුවා යැයි යමෙකුගේ සිතේ පවතින විශ්වාසය හෙවත් පැහැදිම ශ්‍රද්ධාවයි. සප්ත ආර්ය ධනය අතර පළමු  ආර්ය ධනය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවේ ප්රභෙද දෙකකි.

1.අමුලිකා ශ්‍රද්ධාව 
2.ආකාරවති ශ්‍රද්ධාව 

               අමුලිකා ශ්‍රද්ධාව යනු පදනමකින් තොර විශ්වාසයයි.නොඑසේ නම් අනුකරණයයි.මොඩ ශ්‍රද්ධාවයි. නිදසුන් ලෙස යමෙක් මුලික අරමුණ තෙරුන් නොගෙන මල් ලක්ෂයක් පුජා කරන්නේ නම් එතන ඇත්තේ මොඩ ශ්‍රද්ධාවයි.

                              ආකාරවති ශ්‍රද්ධාව යනු බුද්ධිගෝචර ඥාන පුර්වක හෙවත් ප්රඥා ගෝචර ශ්‍රද්ධාවයි. ඔහු අනුකරණය නොකරන්නෙකු වන අතර යමක් නුවණින් විමසයි.නිදසුන් ලෙස යමෙක් අවබෝධයකින් යුතුව එක් මලක් වුවද පුජා කරයි නම් එතැන ඇත්තේ ආකාරවති ශ්‍රද්ධාවයි. එ් අනුව අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව  ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතුව ජිවත්වීමට කළයුතු වේ.


විඩාබර සිත

විඩාබර සිත 
ගත වෙලාගෙන
ගතත් අඩපන
කළා හිමිහිට
පහන් වුවා...
අසා බුදු  බණ
සන්සුන් වුනා
නොහික්මුන සිත....

Friday, October 7, 2016

ශ්‍රී ලාංකීය සමාජය තුළ බුදුදහමේ ආරම්භය

ශ්‍රී ලංකාව තුළ බුදුදහම ව්‍යාප්ත වීමට ප්‍රථම ජනතාව විවිධ ඇදහිලි සහ විශ්වාසයන් අනුගමනය කරන ලදී. මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දුත කණ්ඩායම මෙරටට ගෙන ආ බුදුදහමේ පණිවුඩය ප්‍රථමයෙන් රටේ ප්‍රධාන පුරවැසියා වූ  රජු විසින් පිළිගනු ලැබිය . රටේ සම්භාවනාවට පත්‍ර වූ බුදුදහම රට වැසියා අතරෙහිද ශීඝ්‍රයෙන්  පැතිර ගියේය . මේ නිසා මෙරට ජනතාවට බුදුදහමින් නව ජිවන ආලෝකයක් උදාවිය . මිත්‍යා ඇදහිලි ශක්තියෙන් ජිවත් වන්නට පුරුදු වී සිටි ජනතාව එම ඇදහීම් වෙනුවට මළවුන් සිහිකොට පින් දීමට පුරුදු වුහ.දෙවියන්ගේ උදහසට ලක් වේයැයි යන බියෙන් වෘක්ෂ හා පර්වත වන්දනා කළ ජනතාව ඒ වෙනුවට බෝධි පුජා , වෙහෙර වන්දනා වැනි ශ්‍රද්ධාවෙන් කරනු ලබන පුජා විධි අනුගමනය කිරීමටත් දෙවියන්ට පින් අනුමෝදන් කිරීමටත්  පුරුදු වුහ. ජනතාව පොදුවේ පිළිගත් දහමක් නොතිබුන අවධියක බුදුදහම රජයේ ආගම මෙන්ම ජාතික ආගම බවටද පත් විය .
 

Wednesday, October 5, 2016

දහම් දැනුම

ඉරිතලා ගිය බුද්දියේ  දෙරණතට
අනෝරා වැස්සක්ම වේවා
මා නගන නිල්ල .
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි..

කුමක් ද මේ පහ අවුල් විම

පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...