නුවණැසින් ලෝකය දකින්නට
දෙසු බණදම් සිහිකලා මට
ඒ අසා මා සිතත් තව තව
යොමු වුනා මේ උතුම් දහමට
පුදමි බුදු හිමි සුවද මල්ගෙන
පුදමි බුදු හිමි පහන් එලිගෙන
පුදමි බුදු හිමි සිසිල් පැන්ගෙන
පුදමි බුදු හිමි පහන් සිත්ගෙන
Friday, November 18, 2016
හිගන්නා
වැරහැල්ල පවසයි ඔබේ ජිවිතය
පාන අත පවසයි ඔබේ දිලිඳු බව
විඩාබර ගත පවසයි ඔබේ
වෙහෙස බව.......
දෙනෙතේ කදුළු පවසයි
ඔබේ වෙදනාව ..........
කිලිටු දැත් පවසයි කුස නොපිරිණු බව
මේ සියල්ල පවසයි කර්මයන්
පලදෙන බව.........
පාන අත පවසයි ඔබේ දිලිඳු බව
විඩාබර ගත පවසයි ඔබේ
වෙහෙස බව.......
දෙනෙතේ කදුළු පවසයි
ඔබේ වෙදනාව ..........
කිලිටු දැත් පවසයි කුස නොපිරිණු බව
මේ සියල්ල පවසයි කර්මයන්
පලදෙන බව.........
Thursday, November 3, 2016
ශ්‍රද්ධාව පිළිබඳ බෞද්ධ ඉගැන්විම
අද සමාජයේ ගොඩක් පුද්ගලයන් පිං දහම් කිරිමට නැඹුරුව සිටියද බහුතරයක් මිනිසුන් තුළ ශ්‍රද්ධාවක් දැකගත නොහැක. එනම් ඔවුන් තුළ ඇත්තේ අමුලිකා ශ්‍රද්ධාවක් පමණි බොහොමයක්දෙනා රටට සමාජයට පෙනෙන්නට පිං දහම් කරන අවස්ථාද දක්නට ලැබේ.ශ්‍රද්ධාවෙන් තොරව පිං දහම් කිරිමෙන් ජිවිතයට රැස්වන අකුසල් වැඩිවනු ඇත.
බෞද්ධ ඉගැන්වීමට අනුව ශ්‍රද්ධාව ලෙස අර්ථ දක්වා ඇත්තේ බුද්ධ,ධම්ම,සංඝ යන තුණුරුවන් පිළිබඳව ඇතිකරගත් පැහැදිම හා විශ්වාසයයි එමෙන්ම "පත්තකම්මවිභංග" සුත්‍රයෙ ශ්‍රද්ධාව හදුන්වා ඇත්තේ "ශ්රද්ධා හති තථාගතස්ස බෝධිං" තථාගතයන් වහන්සේ සත්‍යාවබෝධය ලැබුවා යැයි යමෙකුගේ සිතේ පවතින විශ්වාසය හෙවත් පැහැදිම ශ්‍රද්ධාවයි. සප්ත ආර්ය ධනය අතර පළමු ආර්ය ධනය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාවේ ප්රභෙද දෙකකි.
1.අමුලිකා ශ්‍රද්ධාව
2.ආකාරවති ශ්‍රද්ධාව
අමුලිකා ශ්‍රද්ධාව යනු පදනමකින් තොර විශ්වාසයයි.නොඑසේ නම් අනුකරණයයි.මොඩ ශ්‍රද්ධාවයි. නිදසුන් ලෙස යමෙක් මුලික අරමුණ තෙරුන් නොගෙන මල් ලක්ෂයක් පුජා කරන්නේ නම් එතන ඇත්තේ මොඩ ශ්‍රද්ධාවයි.
ආකාරවති ශ්‍රද්ධාව යනු බුද්ධිගෝචර ඥාන පුර්වක හෙවත් ප්රඥා ගෝචර ශ්‍රද්ධාවයි. ඔහු අනුකරණය නොකරන්නෙකු වන අතර යමක් නුවණින් විමසයි.නිදසුන් ලෙස යමෙක් අවබෝධයකින් යුතුව එක් මලක් වුවද පුජා කරයි නම් එතැන ඇත්තේ ආකාරවති ශ්‍රද්ධාවයි. එ් අනුව අමුලිකා ශ්‍රද්ධාවෙන් තොරව ආකාරවති ශ්‍රද්ධාවෙන් යුතුව ජිවත්වීමට කළයුතු වේ.
විඩාබර සිත
විඩාබර සිත
ගත වෙලාගෙනගතත් අඩපන
කළා හිමිහිට
පහන් වුවා...
අසා බුදු බණ
සන්සුන් වුනා
නොහික්මුන සිත....
Subscribe to:
Posts (Atom)
කුමක් ද මේ පහ අවුල් විම
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
පහ අවුල් වෙනවා යනුවෙන් අදහස් වෙන්නේ පවුල් වෙනවා යන්නයි. එනම් දෙදෙනෙකු අතර සිදුවන විවාහයෙන් ගොඩ නැගෙන ජිවිතයයි. පහ යනු ඇස, කන, නාසය, දිව,...
-
සමාජය යනු ගතික වුවකි. පුද්ගල එකතුවකින් ගොඩ නැගුන මෙම විෂම සමාජය තුළ විවිධ පුද්ගලයන් ජිවත්වෙනු ඇත. එමෙන්ම විවිධ සමාජ සම්බන්ධතා ගොඩ නැගෙනු ...